අතිශය දුර්ලභ සුදු ජිරාෆ් සතුන් දෙදෙනෙකු කෙන්යාවේදී දඩයක්කරුවන් විසින් මරා දමා තිබේ.
ගැහැණු සතෙකුගේ සහ එම සතාගේ පැටවාගේ මළ සිරුර ගරිස්සා ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
සුදු පැහැති තවත් එක් ජිරාෆ් සත්වයකු පමණක් දැනට ජීවත්ව සිටින අතර එම සත්වයා දැනට ලෝකයේ ඉතිරිව සිටින එකම සුදු ජීරාෆ් සත්වයා ලෙස සැළකෙයි.
සමේ වර්ණක නොමැති වීමේ දුර්ලභ තත්ත්වය හේතුවෙන් මෙම සත්වයින්ට සුදු පැහැයක් ලැබී ඇත.
2017 වසරේදී මුල්වරට මෙම සත්වයින් ඡායාරූප ගතකර ඇති අතර ඉන් පසුව ඒ පිළිබඳ ලොව පුරා ප්‍රචාරය විය.
මෙම සත්ව ඝාතන කළ පුද්ගලයින් මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර මෙම ඝාතනවල අරමුණ ද හෙළි වී නොමැත.

-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මොන දුර්ලබද ? මොකද අපේ රටේ කකුල් දෙකේ මීහරකුන් 225 ම දියවන්නාව වනන්තරේ ඉන්නේ. ලෝකේ කොහෙවත්ම නැහැනේ කකුල් දෙකේ මීහරකුන්.
ජනාධිපතිවරණ කාලේ ඇතින්නන් හත්දෙනෙකු වස දීලෙ ඝාතනය කළේ. ඒ වගේ අරමුණක් වෙන්නත් පුළුවන්.