
(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු - විදුහල්පති විරෝධතාවයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් ගුරුවරු 40 දෙනකු ඇතුළු 44 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (05) නියෝග කළේය.
සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් එසේ ඇප මත මුදා හැරියේය.
මංමාවත් පනත, නිරෝධායන ආඥා පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය ප්‍රකාරව මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් පොලිසිය පෙරේදා (04) මෙම සැකකරුවන් 44 දෙනා අත්අඩංගුවට ගෙන ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 44 දෙනාගෙන් 40 දෙනකු දෙනෙකු ගුරුවරුන් වන අතර සෙසු හතර දෙනා රියදුරන් වශයෙන් කටයුතු කල අය බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරියාගම මෙනවිය ඇතුළු නීතිඥ මඩුල්ලක් සමඟ පොලීසිය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
(ඡායාරූප: ගයන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු විදුහල්පති සටනට ජයවේවා .. !!! පසුගිය ඡන්දයේදී මේ ලෙසින්ම කැපවී පත්කරගත් අයම මෙසේ එම ගුරු භවතුන්ට සැලකීම පිළිබඳ බොහෝදෙනා තුළ ඇත්තේ දැඩි කලකිරීමකි.පොලිස් ඔත්තුකරු නාමල් කුමාර ගුරු උද්ඝෝෂණයට විරුද්ධ සටන්පාඨ ඇතුළත් පෝස්ටරයක් ප්‍රදර්ශනය කරනා අයුරු රූප පෙට්ටියේ දැක්කා. අන්තිමේ වැටී වැටී ගහකට නැග්ගා.පස්සේ හු හඬ මැද්දේ පොලිස් ආරක්ෂාවද සහිතව පොලිස් ඡීප් රියකින් ඔහුව රැගෙන ගියා.බාල බොළඳ උත්සාහයක් බව කාටත් වැටහුනා.
අධිකරණයට අපේ ගෞරවය .පොලිසියට සාප වේවා
මේ අධ්‍යාපන ඇමතිවරයා සහ ලේකම් සියල්ල අනනවා. මීට කලින් ගුරුවරු පාසල් ගෙන්නුවේ ළමයි ගෙන්නන්න සතියට කලින් වැඩ සටහනක් ඇති ව. මේ වෙලාවෙ ගුරුවරු ගෙන්න්න කියපු එකෙන් තේරෙන්නේ ස්ට්‍රයික් එක කඩා කප්පල් කරන්න කියල පොඩි එකාටත් තේරෙනවා . ඒකෙන් දැං පැහැදිලි වෙන්නේ ළමයි ආවට ගුරුවරු එන්නේ නැහැ කියල . ඇත්තටම ස්ට්‍රයික් කියල දැං තේරෙනවා .
ගුරු ඔබ කුසල් රැස්කර නැහැ මෙන්ඩිස් තරම් .එනමුත් මේ ලද ජය සේවක අප හැමටම සාඩම්බරයක් .නොසැලෙනු සැම දෙනා රුපු යුදයට ජය කොඩියක් නවතමු මඳක් මේ කොවිඩ් පහ වන තෙක් සුභ අනාගතයක්!
ගුරු හොරු පාරේ, නියම ගුරුවරු අන්න ඉස්කෝලවල දරුවන්ට උගන්වනවා
කට්ටියම ඉන්නේ පදමට ගහලා කියලා පේන්නේ මට විතරද?
මේක එක පවුලක හෝ කාගේවත් රට නෙමේ. මේක අපේ රට... අධම පාලකයින් වහාම පන්නා දමව්...!!!
නිරෝධායන නීති උල්ලංඝනය කළැයි පොලීසිය අත්අඩංගුවට ගන්නා අයවත් සාමාන්‍ය උසාවි වලට ඉදිරිපත් කිරීම නිසා උසාවිවල තදබදය අසිමිත ලෙස ඉහළයන අතර, කෝවිඩ් බෝවිමේ අවදානමද වැඩි කරයි. මේ නිසා මෙම අවශ්‍ය වෙනම ආකාරයකට කලමණාකරණය කරගත යුතුව ඇත...
මේ වාර්තාවේ නීතිපතිතුමා මොවුන් රිමාන්ඩ්ගත කිරීමට ගත් උත්සාහය... කෙටියෙන් හරි පාඨකයින්ගේ දැනගැනීම සඳහා පලකළා නම් වටිනවා...
අධිකරණයට අපේ උපහාරය.. සර් කිව්ව නිසා පැවැත්වෙන අවනීතිය පරාද කළා එ්කට..