(රන්න චන්ද්‍රසේන ගමගේ සහ අනීෂා මානගේ)
තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
ඊයේ සවස කතරගම දෙස සිට අපරීක්ෂාකාරීව පැමිණි වෑන් රථයක් නැවැත්වීම සඳහා තංගල්ල නගරය ආසන්නයේ රාජකාරි කළ රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇති අතර වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇත. වෑන් රථය ලුහුබැද ගිය පොලීසිය තංගල්ල නගර මධ්‍යයේදී එහි සිටි පිරිස සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වෑන් රථයේ ගමන් කළ තිදෙනා සහ රියදුරු අක්කරපත්තුවේ සිට දර්ගා නගරය බලා යමින් සිට ඇත.
අත් අඩංගුවට පත් වූවන් අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති.
අත්අඩංගුවට පත් සිවු දෙනා අද (26) තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අණ නොතකා ධාවන කරන කිසිම රථයක් පසුපස ලුහුබැද අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්න. සෑම මාර්ග ආරක්ෂක මුරපලකටම හා ආරක්ෂක අංශයේ මෝටර් රථ යතුරු පැදි වලට ආර් පී ජී අවි ලබා දෙන්න. තව දුරටත් මෙවන් ක්‍රියා නොකරන්නට අනෙක් අයට පාඩමක් ඉගෙන ගන්න දඩුවම් කරන්න