අංජුල මහික වීරරත්න
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකලේ නම් ඒ සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යංශයටයට අද (25) නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2018 සැප්තැම්බර් මාසයේ දී සම්මත කරනු ලැබු ඉහත යෝජනාවට කලාපයේ සෙසු රටවල් වන පිලිපීනය සැප්තැම්බර් 28 දාත්, තායිලන්තය ඔක්තෝබර් 1 දාත් අත්සන් තබන ලදී.
ඊට අමතරව ඊජිප්තුව, සිරියාව, නයිජිරියාව මෙන්ම රුසියාවද ඇතුළුව ප්‍රබල රාජ්‍යය ද ඇතුළුව රටවල් 77 ක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ත්‍රස්තවාදය පරාජය කිරිමේ යෝජනාවට අත්සන් තබා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉහත යෝජනාවට අත්සන් තබන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපයේ සංචාරය කළ අතරවාරයේ ඒ ගැන දැනගත් විගස දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටු කල වල ඉහ ගන්න නේද මේ හදන්නේ?
එකත් මරාගෙන මැරෙන බෝම්බ ගැන ආරංචි වසන් කරපු කට්ටියගෙන්ම අහන්න ඕන.
මේ වගේ තමන්ගේ මව්බිම පවා දුන්නු නිවටුන් මෙතෙක් අපේ රටේ බිහිවෙලා නැතිව ඇති...
කරන්න තියෙන වැඩ ඔක්කොම කරලා කරුණු විමසනවා.
එතකොට රටේ ...ඔබද අගමැති මමද අගමැති .
කරුණු අහ අහා ඉන්න. මෙච්චර කල් කළා වගේ..
ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන ඔය ආයතනය සමග මොන සම්මුතිද අස්සන් කරන්න තියෙන්නේ?