(නාලක සංජීව දහනායක)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා සිකුරාදා (7) වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
අග්රාමාත්යධූරයට පත්වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා කරන පළමු නිල සංචාරය මෙය වන අතර ඔහු ලබන අඟහරුවාදා (11)දක්වා එරට රැඳී සිටිනු ඇත.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. දෙරට අතර වෙළඳ සම්බන්ධතාවයන් වැඩි දියුණු කර ගැනීම ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය අතරතුරදී බරණැස, තිරුපති කෝවිල ඇතුළු ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ද නියමිත ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරුපති වඳින්න යන්නේ. ඡන්දෙට කළින්... හොඳට තිබුණු රටක්... අපි වැටිච්ච තැනක්...
මේ සැරේ කී දෙනෙක් විතර තනියට, පිරිවරාගෙන යනවද දන්නේ නැහැ...
ආයේ ඡන්දෙට පෙර තිරුපති වන්දනාව වාගෙයි.
මල්ලි අතින් වියදම් කරන් පුද්ගලික වැඩ වලට රට යනවලු. අයියා මෙහේ රාජකාරී ගමන් මුවාවෙන් අපේ වියදමින් තිරුපති වඳින්න යනවා. මොන විහිලුද මේ.
තිරුපති ගිහින් සදහටම බලයේ ඉන්ඩ ලැබේවා කියලා බාරයක් වෙන්ඩත් හිතාගෙන ඇති. පාලකයෝ තිරුපති යන්නේ වෙන මොකටද ?
අනේ අගමැති තුමනි, තිරුපති ගිහිල්ල අන්ද භක්තික දේවාල වල කමිසේ ගලෝල උඩුකය නිරුවත් කරලා බිම ඉඳගෙන අපේ රටට අගෞරව කරන්න එපා. ඉන්දියාවේ දෙවරු ඔච්චර බලවත් නම් ඇයි මෙතරම් දිළිඳුබවක් තියෙන්නේ.
තිරුපතිවලට ගියපු හිටපු කෙනාටත් අන්තිමට කෙලවුනා මතකද ?
නිල සංචාර මුවාවෙන් තිරුපති නේද යන්නේ ?
මල්ලී ගිහින් කියවලා ආවට අයියා ගිහින් මොනවාහරි ඉල්ලා ගත්තොත් හොඳයිනේ...
කලින් දවසේ ගුවන් යානයෙන් නෑදෑ මිතුරන් පිටත් කිරීම ඉස්සර වගේ මෙදාත් කරයිද දන්නේ නැහැ. බලාගෙන ඉන්නකෝ...