( චන්ද්ර සේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
අගුණකොළපෑලැස්ස දික්වල රදම්පල ගෙදර නිවසේ සිටි මවක සහ ඇයගේ දරුවන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබූ සැකකරුවන් 12 දෙනකුගෙන් 10 දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර් .එස්. එස්. සපුවිද මහතා අද (11) මරණ දඬුවම නියම කළේය.
මෙම ඝාතනයන්ට සම්බන්ධ බවට පුද්ගලයන් 23 දෙනෙකුට විරුද්ධව පොලීසිය නඩු පවරා තිබුණු අතර ඉන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.
විත්තිකරුවන් 07 දෙනෙකු අධිකරණය මග හැර සිටිති. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
1998 .12 .18 දින අගුණකොළපෑලැස්ස දික්වැව ප්රදේශයේ දී මෙම ඝාතන සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට දැන් හරි දඬුවම ලැබුනේ. නැත්නම් ඔක්කොම විත්තිකරුවෝ වයසට ගිහින්ම මැරිලා යනවා. හරිම කාර්යක්ෂම අධිකරණයක් ලංකාවේ තියෙන්නේ. 98 කරපු මිනි මැරුමකට 2018 දඬුවම.
අනේ අවුරුදු 20ක් ගියා ඒකට. පුදුම නඩු ඇහිල්ලක්....