IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


Vivya ගෝලීය වෙළදපොළට

සම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද Vivya  සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya, ශ්‍රී ලංකේය වෙළඳපොළ තුළ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත.

නවතමVivya නිෂ්පාදන පරාසය තුළ ඩේ ක්‍රීම්, ෆෙෂල් සීරම්, ෆේස් වොෂ්, නයිට් ක්‍රීම් සහ ක්ලෙන්සර් ඇතුළත් වන අතර, මෙම සියලු‍ම නිෂ්පාදන පාරම්පරික සහල්වල පෝෂණීය ගුණයන් සහ සම තෙත් සහිතව දීප්තිමත්ව තබාගැනීමට අවශ්‍ය මොයිස්චරයිසර් ගුණයන් සමගින් පැමිණේ.  

දැනටමත් Vivya  සන්නාමයේ  නිෂ්පාදන මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයන් රැසකගේ සිත් ආකර්ෂණය කරගෙන තිබේ.

මෙම සුවිශේෂී නවෝත්පාදනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී මෙල් මහතා මෙසේ පැවසීය. ‘‘නූතන සමාජයේ අවශ්‍යතාව සඳහා ගැළපෙන, දේශීය සම්ප්‍රදායික සහලේ උරුමය රැගත් හේමාස් කන්සියුමර් හි නවතම හඳුන්වා දීම වන Vivya හා අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට සතුටක්. මේ පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවට පමණක් උරුම වෙලා තිබුණු පාරම්පරික සම සුරැකුම් විසඳුම් සහ රූපලාවන්‍ය ක්‍රමවේදයන් ගෝලීය වෙළෙඳපොළ වෙත ගෙනයාමේ හැකියාව අපට ලැබිල තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ව්‍යාපාර සංවර්ධන සහ නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්රීනා යුසුෆාලි මහත්මිය මෙලෙස පැවසුවාය. ‘‘ශ්‍රී ලාංකේය කාන්තාවන් රැසක් බලාපොරොත්තු වන්නේ නිරෝගිමත්, පැහැපත් සහ දීප්තිමත් සමක්. එහෙත් මේ සඳහා වෙළඳපොළේ පවතින නිෂ්පාදනයන් ගෙන් 90% පමණම සම සුදු කිරීම, එසේත් නැත්නම් සමේ පැහැය වෙනස් කිරීම පිළිබඳ පමණක් අවධානය යොමුකර තියෙනවා. අපගේ නවෝත්පාදනයක් වන Vivya, විශිෂ්ට නිෂ්පාදනයක් වෙන්නේ, අප සෑම කාන්තාවකගේම සම හා සම්බන්ධ ගැටලු හොඳින් හඳුනා ගනිමින්, ඒවාට පිළියම් වශයෙන් පුළුල් නිෂ්පාදන පරාසයක් හඳුන්වා දීම හේතුවෙන්. සමේ වර්ණය, වයස වැනි සාධක පිළිබඳව නොතකමින්, අපගේ දේශීය සහල්වල සම පුබුදුවන ගුණයෙන් නිමවූ Golden Trice සාරය සපිරි Vivya සෑම යුවතියකටම තාරුණ්‍යයේ දීප්තිය රැගෙන එමින්, ඔවුන්ට නිරෝගී සමක් ලබා දෙන්න සූදානම්.



අදහස් (0)

Vivya ගෝලීය වෙළදපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site