IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


Pick Me ලොව වඩාත් කාර්යක්ෂම සමාගම් අතරට

ලෝක ක්‍රියාකාරී සංසදය මෙම වසරේ ලොව හොඳම නම්‍යශීලී පරිවර්තන සමාගමට හිමිවන සම්මානය සඳහා Pick Me ආයතනය යෝජනා කළ බව එම සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සේවා සපයන ආයතනය වන Pick Me හට ප්‍රචලිත ගෝලීය දැවැන්තයන් වන ෆෙඩෙක්ස් සහ හොලු‍බුවා වැනි සමාගම් සමඟ තරඟ කිරීමේ අවස්ථාව හිමි වූ අතර සංසදය විසින් යෝජනා කරනු ලැබූ පළමු  ශ්‍රී ලාංකික ආයතනය බවට පත් වීමට හැකි විය.

මෙම වසරේදී  සම්මානය තමන් සතු කර ගැනීමට Pick Me සමත් නොවුණද ඔවුන්ගේ නව්‍ය චින්තනය මෙම සමාගම් සමඟ සමාන ලෙස සැසඳීම ඔවුන් ලද ජයග්‍රහණයක් බවද එම සමාගම කියයි.

නාමයෝජනාව පිළිබඳ අදහස් දක්වමින් Pick Meහි ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි මහතා මෙසේ පැවැසීය. Pick Me යෙදුමේ නම්‍යශීලීතාව සහ විවර්තනීය වීමට ඇති හැකියාව මෙම ජයග්‍රහණයට හේතු වූවා. "CPVID 19" ශ්‍රී ලංකාව තුළ පැතිරීමට පෙර, පාරිභෝගිකයන් අපගේ යෙදුම බහුලව භාවිතා කළේ ප්‍රවාහනය මෙන්ම ආහාර ගෙන්වා ගැනීම සඳහාය.

එහෙත් වසංගත කාලය තුළ අපගේ සේවකයන්ට, හවුල්කරුවන්ට, ප්‍රජාවට සහ රජය ඇතුළු සියලු‍ පාර්ශ්වකරුවන්ට සහයක් වීමට නම් ඒ සියල්ලන්ටම ප්‍රතිලාභ සැලසෙන ශක්‍ය සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අපි හඳුනාගත්තෙමු.

අපගේ ඩිජිටල් වේදිකාවේ කාර්යක්ෂමතාව සහ නම්‍යශීලීත්වය හේතුවෙන්, අර්බුදකාරී කාලයට උචිත ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වූයේ ඉතා සුළු වෙනස්වීම් පමණි. ඒ සඳහා ඉංජිනේරු අංශයේ සිට මෙහෙයුම් අංශය දක්වා නම්‍යශීලීව ක්‍රියා කිරීමට කටයුතු කළා. නිරෝධායනය සහ අගුලු ලෑම් කාලයන්හි මිනිස් පරිභෝජනය සිදුවන අයුරු සැලකිල්ලට ගනිමින්, වෙනස් වූ පරිසරයට ගැළපෙන, ඊට අදාළ යෙදුම් ඉදිරිපත් කිරීමට අපි සමත් වුණා. මේ වනවිට අපගේ පාරිභෝගිකයන්ට ඉතා වටිනා නව සේවා කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ල ඉතා කැපවූ කණ්ඩායමක් සමඟ ඉටු කිරීමට අපට හැකි වූ අතර ලෝක ක්‍රියාකාරී සංසදය වැනි කීර්තිමත් ආයතනයක් විසින් අපගේ කාර්යය ඇගයීම සතුටට කරුණක්.”

ලෝක ක්‍රියාකාරී සංසදය යනු ව්‍යාපාර ප්‍රතිනිර්මාණය කිරීමට සහ එම ව්‍යාපාර ඉහළ මට්ටමකට ගෙන යාමට නව්‍ය චින්තන භාවිතා කිරීමට දක්ෂ සංවිධාන සහ එම සංවිධානයන්හි නායකයන් අගයන වාර්ෂික උළෙලකි.



අදහස් (0)

Pick Me ලොව වඩාත් කාර්යක්ෂම සමාගම් අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site