IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


LOLC තුන්වැනි වසරටත් වඩාත් ගෞරවනීය සමාගම් 10 අතරට

LOLC සිය අද්විතීය ශේණිගත කිරීම තවදුරටත් සුරක්ෂිත කරගනිමින් 2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන සමාගම් 10 අතරට පිවිස සිටී.

කළමනාකාරිත්ව ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය  - ශ්‍රී ලංකා ආයතනය (ICCSL) මඟින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන මෙම ගෞරවනීය සම්මානයෙන් LOLC පිදුම් ලැබූ අඛණ්ඩ තුන්වැනි වසර මෙයයි. LOLC මෙම තත්ත්වය තහවුරු කරගනු ලැබූයේ මූල්‍ය සහ මූල්‍ය නොවන අංශයේ තවත් වසරක ශක්තිමත් ක්‍රියාකාරීත්වයත් සමඟිනි. වඩාත් අගනා සමාගම් සම්මාන ප්‍රදානය මඟින් සෑම වසරකදීම මූල්‍ය කාර්ය සාධනය මෙන්ම සිය කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයන් සහ පොදුවේ ප්‍රජාව උදෙසා නිර්මාණය කරන වටිනාකම් අනුව මෙලෙස සෙසු ආයතන අතර කැපී පෙනෙන ප්‍රශංසනීය සමාගම් පිළිගැනීමට ලක්කෙරේ.    

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව තුන්වැනි වරටත් මෙම සම්මානය හිමිකර ගැනීම LOLC ලද සැබෑ ගෞරවයක්. LOLC සමූහය 2020/21 මූල්‍ය වසරේ වඩාත් ලාභදායී ලැයිස්තුගත සමාගම ලෙස LMD 100 ශ්‍රේණිගතකිරීම්වල ප්‍රමුඛස්ථානය රඳවා ගැනීමටද සමත් විය. මෙහිදී මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයේම කැපී පෙනෙන සාර්ථකත්වයක් වාර්තා කිරීම විශිෂ්ට කරුණක්. එහෙත් එම සාර්ථකත්වය දිගු කලක් රඳවාගැනීම ඊටත් වඩා ජයග්‍රහණයක්. ගෝලීය වසංගතය විසින් නිර්මාණය කරන ලද පෙර නොවූ විරූ තත්ත්වය හමුවේ සිය දේශීය සහ ගෝලීය මෙහෙයුම් හරහා LOLC මෙම ඓතිහාසික ක්‍රියාකාරීත්වය සනිටුහන් කළ බව සාඩම්බරයෙන් සිහිපත් කරනවා.

ශ්‍රී ලංකාවේ වඩාත් අගනා, ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම් සමූහය LOLC, 2020/21 මූල්‍ය වසර තුළ වාර්තාගත ක්‍රියාකාරිත්වයක් සටහන් කරමින්, පෙර නොවූ විරූ ඓතිහාසික ලාභදායීතාවක් අත්කරගෙන තිබේ. සමූහය එහිදී රු.බි. 57 ක බදු පෙර ලාභයක් සහ රු.බි. 53ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කළේ එම ඉලක්කය කරා ළඟාවූ දිවයිනේ ප්‍රථම පෞද්ගලික අංශයේ ආයතනය ලෙසිනි. ශ්‍රී ලංකාවේ ආයතනික අංශ ඉතිහාසයේ අති දැවැන්ත පරිමාණයේ ලාභදායීතාවක් මෙලෙස අත්කරගැනීමෙන් LOLC සමූහය, මෙරට ඉහළම ලාභදායීතාවක් සහිත සමාගම් සමූහය ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් සිය ප්‍රමුඛස්ථානය යළි තහවුරු කර ගනු ලැබීය. එමඟින් LOLC ලොව විශාලතම ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) වේදිකාවක් ලෙස ස්ථාපිතවී තිබේ.

LOLC සමූහය ශ්‍රී ලංකාවේ සංචාරක, වැවිලි, කෘෂි යෙදවුම්, පුනර්ජනනීය බලශක්ති, ඉදිකිරීම් සහ දේපළ වෙළෙඳාම්, නිෂ්පාදන සහ වෙළෙඳ, තාක්ෂණ, පර්යේෂණ සහ නවෝත්පාදන සහ වෙනත් ක්‍රමෝපාය ආයෝජනවල නිරතවී සිටී. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (MSME)  ප්‍රමුඛයකු ලෙස මූල්‍ය ඇතුළත් කිරීම් පහසුකම් සැලසීමේ පුරෝගාමීවූ LOLC සමූහය, සිය බිම් මට්ටමේ ත්‍රිත්ව තල පිළිබඳ අවධානයෙන් ඊට අනුකූල හරිත මෙහෙයුම් සහ ක්‍රියාවලීන් තුළින් උපරිම පාරිසරික ප්‍රතිලාභ ජනනය කිරීමට උත්සාහ කරයි.

ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ආකෘතියක් ස්ථාපිත කළ LOLC සිය විශේෂඥතාවන් කාම්බෝජය, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය පාකිස්තානය සැම්බියාව, නයිජීරියාව, මලාවි, ටජිකිස්තානය, ටැන්සානියාව වැනි ගෝලීය වෙළඳපොළ වෙත රැගෙන ගියේ ආදායම් පිරමීඩයේ පහළම මට්ටමේ ජනතාව වෙත සශ්‍රීකත්වය රැගෙන එමිනි. ඊට අමතරව සමූහය මාලදිවයින, මොරිෂස් සහ සියරා ලියොන් යන රටවල මූල්‍ය නොවන සේවාවන්හි සිය පිය සටහන් ස්ථාපිත කර තිබේ.



අදහස් (0)

LOLC තුන්වැනි වසරටත් වඩාත් ගෞරවනීය සමාගම් 10 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1533 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1671 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site