
1986 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයකු වන GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබමින්, තම සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කිරීමට සමත් විය.
2023 වසරේ පළමු කාර්තුවේ දී ඉදිකිරීම් කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන එම නව කර්මාන්තශාලාවෙහි මුළු වපසරිය වර්ග මීටර 11,300 ක් වන අතර, නවීන නිෂ්පාදන පහසුකම් වලින් සමන්විත එම කර්මාන්ත ශාලාව මගින් තම නිෂ්පාදන ධාරිතාව වර්තමාන නිෂ්පාදන ධාරිතාව මෙන් දෙගුණයක් කිරීමට GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය අරමුණු කරයි.
මෙම සුවිශේෂී අවස්ථාවේ දී නව කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා පළමු පස් පිඬැල්ල කැපීම සිදු කළේ GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන චන්දන දිසානායක මහතායි. එම අවස්ථාවේ දී මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව දිසානායක මහතා මෙසේ පැවසීය.
“ඇත්ත වශයෙන් ම මෙය අපට ඉතා විශේෂ අවස්ථාවක්. අපි වසර කිහිපයක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සැළසුම් කළත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම දිනෙන් දින ම ප්‍රමාද වුණා. අපගේ මෙම නව කර්මාන්ත ශාලාව මගින් ලෝකයේ භාවිත වන නවීන තාක්ෂණය යොදාගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කිරීමට අරමුණු කරනවා. ඒ වගේ ම ඉදිරියේ දී මෙම නිෂ්පාදනාගාරය මගින් cable-harness නිෂ්පාදනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සේවකයන් පවා මෙම නවීකරණය කෙරුණු කර්මාන්තශාලාවේ වැඩ කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.”
GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ සංවර්ධන සැලසුම් තව තවත් ශක්තිමත් කරමින් පවත්වාගෙන යන බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බෝ ලිබෙක් මහතා අවධාරණය කළේය.
“කොරෝනා වසංගතය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව පැහැදිලි දැක්මකින් යුක්තව, කෙටි කාලීනව හා දිගු කාලීනව අපගේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර අපි ගෙන තිබෙනවා. එමගින් ඉදිරියේ දී ඉතා සුරක්ෂිත ආයතනික පදනමක් සහිතව ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. ආසියානු මහාද්වීපය තුළ ශක්තිමත් ආයතනයක් විදියට ගොඩනැගී තිබෙන දේශීය ආයතනයක් වන GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය ISO 9001/14001/45001 යන තත්ත්ව සහතික ලබාගෙන තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
GPV ඉලෙක්ට්‍රොනික්ස් නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තබයි