IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


DFCC වඩාත්ම ගෞරවාදරයට පත් වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ 'වඩාත්ම ගෞරවාදරයට පත් වූ සමාගමක්’ ලෙස සම්මානයක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ  Daily FT එක්ව සංවිධානය කළ 'ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම් - 2021’ සම්මාන උළෙලේ දී මෙම ගෞරවනීය සම්මානයDFCC බැංකුව වෙත හිමි විය.

පොදුවේ සියලු‍ම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරමින්, අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව දරන්නා වූ උත්සාහය වෙනුවෙන් බැංකුව වෙත මෙම ඇගයීම හිමි වී තිබේ.

තව ද මෙම ඇගයීම, DFCC බැංකුව වසර 65 කට අධික කාලයක් පුරා සංවර්ධන හා වාණිජ බැංකුකරණයන් තුළ ඉටුකළ මෙහෙවර සහ දේශීය හා ජාත්‍යන්තර ණය ෙශ්‍ර්ණිගත කිරීම් ආයතන වෙතින් හිමි වූ ඉහළ තලයේ ෙශ්‍ර්ණිගත කිරීම් සමගින් වෙළඳපොළ තුළ අත්පත් කරගත් සාර්ථකත්වය මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයකි.  

“ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගමක් ලෙස ගෞරවනීය සඳහනක් හිමිවීම අප ලැබූ විශාල ගෞරවයක්. අපට මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර තලයේ බැංකු සේවා විසඳුම් සමගින් අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලු‍ම පාර්ශ්ව සවිබල ගැන්වීමට අප අඛණ්ඩව උත්සාහ දරන නිසයි. මෙම ඇගයීම, ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් ස්ථාවර සහ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් දිරිගන්වන සාධකයක් බවට පත්වේවි.” යැයි DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසීය.

 



අදහස් (0)

DFCC වඩාත්ම ගෞරවාදරයට පත් වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site