IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


DFCC Agilනවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි

DFCC බැංකුව,  DFCC Agile  නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ.

මෙම නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙහෙවර සඳහා ප්‍රධානතම දායකත්වයක් ලැබෙනු ඇත්තේ DFCC  කාර්ය මණ්ඩලයෙනි. එම නිසා ඔවුන්ගේ ප්‍රතිචාර අනුව, මෙම මධ්‍යස්ථානය ‘DFCC Agile’ ලෙස නම්කරන ලදි. එහි සම්පූර්ණ නම ‘‘DFCC Agile - Innovation Centre of Excellence’ වන අතර, එයDFCC  බැංකුවේ ඉදිරි ගමන සහ අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතාවලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක දායකත්වයක් දක්වනු ඇත. මේ ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් වෙළඳපොළට නවතම මූල්‍ය සේවා හඳුන්වා දීමටDFCC බැංකුවට හැකියාව ලැබේ.

ක්‍රමෝපායික චින්තන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන ‘DFCC Agile’ නවෝත්පාදන මධ්‍යස්ථානය,‘DFCC  බැංකුවේ සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය කරන පරිදි සැලසුම් කර ඇති අතර, එය නව සංකල්ප නිර්මාණය කිරීමේ සහ පරීක්ෂාවට ලක්කිරීමේ කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකරයි. මෙමගින් නව අදහස් හා සංකල්ප, නිෂ්පාදන හෝ සේවා ලෙස ක්‍රියාවට නැංවීමට පෙර ඒවා විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමට හැකියාව ලැබේ.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින්,  DFCC  බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. DFCCබැංකුවේ ඩිජිටල් ඉදිරි ගමනේ නවතම අදියරක් ලෙස ‘DFCC Agile - Innovation Centre of Excellence’  ආරම්භ කිරීමට ලැබීම මට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගත ගමන් මගේ පුරෝගාමී කේන්ද්‍රයක් බවට පත්වේවි. අනාගතය රඳා පවතින්නේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ සහ වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව මතයි. එම නිසා බැංකු ක්ෂේත්‍රයටDesign Thinking  ක්‍රියාවලිය අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු‍ම දෙනාට අප සමග එක්වන මෙන් ආරාධනය කිරීමට මා කැමතියි.



අදහස් (0)

DFCC Agilනවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site