IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


CBL සමූහය වඩාත් ගෞරවාදරයට පත් සමාගම් 10 අතරට

CBL සමූහය අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් වූ සමාගම් 10 අතරට තේරී පත්වීමට පසුගිය දා සමත් විය. 2019/2020 මුල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) හා ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග Daily FT පුවත්පත එක්ව සිදුකළ ඇගයීම් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම පිරිනමා තිබේ.

ආයතනයේ මුල්‍ය කාර්යසාධනය මෙන්ම පාර්ශවකරුවන්, ගනුදෙනුකරුවන්, සේවක පිරිස හා සමාජය වෙත අර්ථවත් වටිනාකමක් එක්කරමින් කටයුතු කරන ලැයිස්තුගත මෙන්ම ලැයිස්තුගත ‍නොවන සමාගම් මෙම සම්මානනීය ඇගයීමට ලක්කරනු ලබයි.

පවුලේ ආහාර සන්නාමයක් ලෙස ඉදිරියෙන්ම සිටින CBLශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් දාමයට, ආර්ථික සංවර්ධනයට මෙන්ම කෘෂිකර්මාන්ත අංශයෙහි සංවර්ධනය සඳහා ද විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයකි. කාබනික හා සාම්ප්‍රදායික ගොවිතැනෙහි නිරත ගොවීන් 13,000 පමණ ජාලයක් CBL සමූහය සමග සම්බන්ධවී කටයුතු කරන අතර ඉඩම් හා සම්පත් ඵලදායීතාව උපරිම කරමින් තිරසාර කෘෂිකර්මාන්ත අංශයක් නිර්මාණය කිරීමට ද CBL ආයතනය කැපවීමෙන් කටයුතු කරයි. 6,000කට අධික සේවක පිරිසකට වෘත්තීය අවස්ථා නිර්මාණය කරමින් දිවයින පුරා පැතිරුණු බෙදාහැරීම් ජාලය හරහා සිය නිෂ්පාදන සන්නාම පාරිභෝගිකයා වෙත රැගෙන යාමට CBL කටයුතු කර ඇත.

“අපගේ දෛනික කටයුතු හරහා හැම විටම පාරිභෝගිකයන්ට සහ පාර්ශවකරුවන්ට අර්ථවත් වටිනාකමක් ලබාදීමට අපි උත්සාහ කරනවා. නිරන්තරයෙන් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට සරිලන ගුණාත්මක බවින් පිරි නිෂ්පාදන ඔවුන් වෙත ලබාදීම අරමුණ කරගෙනයි අපගේ සියලු‍ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ. අපේ නිෂ්පාදන හා සන්නාම හරහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන වටිනාකම අපගේ සාර්ථකත්වය මනින හොඳම මිණුම බව අපි තරයේ විශ්වාස කරනවා. මේ සියලු‍ කරුණු වඩාත් ගෞරවාදරයට පත්වූ සමාගමක් ලෙස තේරීපත් වන්නට අවශ්‍ය පදනම නිර්මාණය කරදුන් බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.” යනුවෙන් CBL සමූහයේ සභාපති - රම්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (0)

CBL සමූහය වඩාත් ගෞරවාදරයට පත් සමාගම් 10 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 693 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 118 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 409 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 852 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 499 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 729 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site