IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘21 බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවෙයි‘‘

(ඩයනා උදයංගනී)

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.

එය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස් බව කී හිටපු ජනාධිපතිවරයා එමගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම  තවත් බලතල ලබාදී ඇති බවත්, එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් කීවේය.

වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට තවමත් සූදානම් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

පසුගිය මැතිවරණයන් සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය වූ ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු සටන්පාඨ මේ වන විට අවලංගු වී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (5)

‘‘21 බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවෙයි‘‘

දාස Friday, 01 July 2022 04:03 PM

මා දින ගණන් කරමින් සිටින්නේ රාජපක්ෂලා සමග සිරගත වන දිනය දැකබලා ගැනීමටයි...

:       0       0

sb Friday, 01 July 2022 07:41 PM

මෙහෙමයි, මේ ආණ්ඩුව තමයි මිනී පෙට්ටියේ අන්තිම ඇණ දෙක තුන ගැහුවේ.. ඒත් කලින් ආණ්ඩු කරපු උන්දැලත් එකින් එක ඇණ ගහලා තමයි පෙට්ටිය වහන්න දායක වුනේ. ඒ නිසා, නිකං කන්ටේර ටෝල්ක් දීලා අත පිහිදාගන්න කාටවත් බෑ. ස්පෙෂලි 77න් පස්සේ රට කරපු උදවියට නම් කොහෙත්ම බෑ...

:       0       0

Gagana Friday, 01 July 2022 10:45 PM

එහෙනම් ඒකත් පත්තරෙන්ද හිටන් කියෙව්වේ?

:       0       1

ජයලත් Saturday, 02 July 2022 05:16 AM

මෙයා අර ආප්ප කාපු කෙනා නේද?

:       0       1

Bamunuarachchi Saturday, 02 July 2022 08:20 AM

බලාපොරොත්තු වන ආකාරයට 21 හැදුණොත් පිරිසිදු වෙන්නේ ජනතාවද ඔහෙලාද? අපිට අපේ දෛනික අවශ්‍යතා ඉෂ්ඨවෙනවා නම් 21 පිරිසිදු අපිරිසිදුකම් අපට අදාළ නැහැ. 21 හදන්න මුලික වුනේ රාජපක්ෂ ආණ්ඩුවට බැනබැන සිටි රාජපක්‍ෂ කෙනෙක් නේද? ඉතින් කොහොමද එහෙම වුනේ?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site