(නිමන්ති රණසිංහ)
11 වැනි කොරෝනා රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී. ඒ. ධර්මතිලක මහතා ඉදිරියේ අද (16) කරුණු වාර්තා කර ඇත.
”කොවිඩ් - 19 හෙවත් කොරෝනා” රෝග ලක්ෂණ වැළඳී ඇතැයි දැන දැනම එය වසන් කර එයට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියකට අදාළ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
1897 අංක 3 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥාපනතේ 4 සහ 6 වගන්ති ප්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 262, 263, සහ 264 වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් දෙදෙනා වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගල්කිස්ස පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පීරිස් මාවත ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කොරෝනා වෛරසය වැළදී ඇතැයි මේ වන විට තහවුරු කරගෙන ඇති 45 හැවිරිදි 11 වැනි රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ආත්ම ලැබූ තිරිසනුන් හඳුනාගැනීමට ලැබීම එක අතකින් හොඳයි වගේම මෙවන් අය කුමට අපගේ මව්බිමේ ඉපදුණාද යන්නද ගැටලුවකි. උපරිම දඬුවම් ලැබේවා..!!! තක්කඩි සුදු කබා කාරයින් මෙවන් තිරිසනුන් වෙනුවෙන් ඉදිරිපත් වන බව නම් ඉතාම විශ්වාසයි.
ඔව් මේ නූගත් මිනිසුන් දෙදෙනාට නීතිය හරියටම කෙරෙයි. රවීලා එහෙම ලොකු වරදක් කළේ නැහැනේ... කොරෝනා ගැන කියා දීලා අවවාද කරනවා ඇරෙන්න මොනවද මේ කරන විකාර දේවල්...
මැණික් මුදලාලි කෙනෙක්, සල්ලි වලට නීතියත් නැවෙනවා
රවීලා එහෙම ලොකු වරදක් කළේ නැහැනේ
ආසාදනය වන අයට නීතියෙන් කටයුතු කරන්න ගියොත් ආසාදනය වන අය රෝහල් ගත නොවී නිවෙස් වලට වෙලා ඉඳියි. එහෙම උනාම තව දුරටත් රෝගය ව්‍යාප්ත වන බවයි මගේ අදහස
නොදැන කළාද, දැන දැන කළාද කියන එක උසාවියේදී එළිවෙයි. නමුත් මොවුන්ට වඩා දැඩි දඬුවම් ලැබිය යුත්තේ දැන දැනම ලෙඩේ හංගාගෙන රටට රිංගන්න හැදු අර එයාපෝට් එකේ වීරයින් වෙන්න හදපු කට්ටියටයි.