කොළඹ ඉඩම් කාර්යාලයේ ලේඛන පුස් කාලා - වජිර අබේවර්ධන
කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, මෙම කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.