විනීතා එම් ගමගේ
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සළකා දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට වහාම පවරා ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.
හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා ඝාතන තැතක් පිළිබඳව මේ වනවිට හෙළිදරව් වී ඇතත් අග්‍රමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය එය බරපතල කාරණයක් සේ නොසැලකීමත් ආරක්ෂක අංශ පිළිබඳව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කරන චෝදනාත් සැළකිල්ලට ගත්විට වහා පොලිසිය තමන් අතට ගැනීම අත්‍යවශ්‍ය යැයි ද දිසානායක මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශය තිබිය යුත්තේ දිස්ත්‍රික්කයකින් පත්කර එවන නියෝජිතයෙක් අතේ නොව රටේම ඡන්දයෙන් පත්වූ අයෙක් අතේ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
නීතිය හා සාමය අමාත්‍යංශය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත පවරා ඇත්තේ නාමිකව පමණක් බවත් එය අරලිය ගහ මන්දිරයේ සිට මෙහෙයවනු ලබන්නේ සාගල අමාත්‍යවරයා සමඟ අගමැතිවරයා විසින් යැයි ද දිසානායක මහතා සඳහන් කළේය.
මේ අතර වඩාත් ඉක්මන් කාර්යයක් ලෙස දැනට ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරින් ඉවත් කර වෙනත් ආරක්ෂක අංශවලින් නිලධාරින් බඳවා ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටි බවත් මේ වනවිට යුද හමුදා හා නාවික හමුදා නිලධාරින් ඒ සඳහා යොදවමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එස් බී දිසානායක මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියනකල් තමා මේ ආණ්ඩුව බලාගෙන හිටියේ.
පොලිස් නිලධාරියෙක් ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමණ්ත්‍රණය කලා යයී චෝදනා කල පමණින් කළබල වෙලා ජනාධිපතිවරයාගේ අරක්ෂාව පොලිසියෙන් ඉවත් කිරිමවත් පොලිසිය ජනාධිපතිවරයා යටතට පත් කිරිමෙන් ප්‍රශ්ණය විසදෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ත්‍රිවිධ හමුදාවලින් එකකට ඔය චෝදනාව ආවා නම් මොකද කරන්නේ. මුලින්ම කලයුතු වන්නේ මෙම චෝදනා සත්‍යද සත්‍ය නම් එයට සම්බන්ධ අනිත් පුද්ගලයන් හදුනා ගෙන කුමණ්ත්‍රනකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිමයි. සමහර විට මෙහි ඇත්ත කුමණ්ත්‍රනය ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයෙන් පොලිසිය ඉවත් කිරිම විය හැකිය.
හැමදාම බොරුවට හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. කරගෙන යන වැඩ කඩාකප්පල් කරලා බලය අල්ලා ගැනීම තමයි අරමුණ. ඔයගොල්ලෝ කියන ඒවා තමයි කරන්න ඕන. මෙහෙම තමා පරාජිත කට්ටිය හිතන්නේ .
පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් කටයුතු කරන තැනක්........ මෙය මොකටද ආරක්ෂක අමාත්‍යංශය යටතට ගන්නේ?