තරිඳු ජයවර්ධන
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා මණ්ඩලයක් පත් කළ බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
ලේකම්වරයා එලෙස පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත්තේ පොලිස්පතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විෂය භාර ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලබා දුන් උපදෙස් අනුවය.
පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව දැනගන්නට තිබේ. විෂය භාර ඇමැතිවරයා සහ නියොජ්‍ය ඇමැතිවරයා හෙට මාධ්‍ය සාකච්ඡාවක් කැඳැවීමට නියමිත බව ද ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ හොයන්න දෙයක් නැහැ.
පොලිස් පති හැසිරෙන්නේ විකටයෙක් වගේ ..... මෙවෙනි අදම නිලධාරීන් නිසා අපකීර්තියට පත්වන්නේ පොලිස් දෙපර්තමෙන්තුවයි. මීට පෙර මෙම තනතුරේ සිටි ඉලංගකෝන් සමඟ සසදන විට මොහු ඒ අහලකින්වත් තැබීමට සුදුසු නොවේ. වහාම උපරිම දඬුවම් දිය යුතුය්.
මණ්ඩලයෙන් වාර්තාවක් එයි. ඒකේ පිටු ගලවලා තියෙයි. අසාධාරණය දැක දැක ඉන්න වුණානේ...
පොලිස්පති නිලඇඳුම මොහුට ලොකුවැඩියි... හැසිරීමත් කථා ස්වරූපයත් පෙන්නුම් කරනුයේ පහත්බවකි. මොහුට ඉහතින් සිටි පොලිස්පති ආදර්ශයට ගත්තේ නම්... මොහුට මේ තරම් ප්‍රශ්න ඇතිනොවනු ඇත.