මුස්ලිම් කොංග්රසයෙන් වෙරළබඩ දිස්ත්රික්කයක් ඉල්ලයි
ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයේ 28 වැනි නියෝජිත සමුළුව අද මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්රධානත්වයෙන් පැවැති අතර එහිදී, නැගෙනහිර වෙරළබඩ දිස්ත්රික්කය ඉක්මනින් නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්රමයට දැඩි ලෙස විරෝධය දැක්වීම ඇතුළු යෝජනා අටක් සම්මත කර ගනු ලැබීය.