ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් අල්ලස් සිද්ධියකට අදාළව රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති 10 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 07 August 2018
මන්ත්‍රී වැටුප් ප්රශ්නය විසඳන හැටි පුරවැසි හඬ කියයි ආර්ථිකයට අලූත් බරක් නොවන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ ප්රශ්නය විසඳීමට නම් කාර්යාලයීය දිමනාව ලෙස නාමකරණය කරමින් දැනටමත් ගෙවනු ලබන රුපියල් ලක්ෂයක මුදල 07 August 2018
මුරකරුට අතකොලුවෙන් පහරදුන් බාස්ට මරණ දඬුවම රුපියල් දහයක් සම්බන්ධයෙන් ඇති වු කතාබහක් දුරදිග යෑමෙන් ලී මොලේ මුරකරුට අතකොලූවකින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරු වු එම ලී මොලේ ප්‍රධාන බාස්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (7) මරණ දඬුවම නියම කළේය. 07 August 2018
නීතිවිරෝධි ඖෂධ තොගයක් ගුවන් තොටෙන් අල්ලයි ඩයසපෑම් (Diazepam) නැමති වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් නොකරන, රජයේ ඔසුසල් වලින් පමණක් පාලනයක් ඇතිව නිකුත් කරන බෙහෙත් පෙති තොගයක් සමඟ ඒවා විදේශ ගත කිරීමට රැගෙන ආ නියෝජිතවරයකු අපනයනය ගුවන් බඩු ගම්මානයේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2018
මැති ඇමැතිවරුන්ට වැඩි වැටුප් එපා යයි එජාප මන්ත්‍රීවරු කියති පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සීමාව ඇතුළත කිසිම අමාත්‍යවරයකුගේ හෝ මන්ත්‍රීවරයකුගේ වැටුප වැඩි නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒකමතිකව තීරණය කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය. 07 August 2018
අල්ලස් ගත් අපනයන - ආනයනය පාලකවරයා යළි රිමාන්ඩ් වසර 10 ක් පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ලබා ගත් බව කියන අපනයන ආනයනය පාලකවරයා ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 07 August 2018
එමිල් රංජන් - රංගජීව යළි රිමාන්ඩ් වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් 07 August 2018
නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා රුපියල් 20,000/- ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 07 August 2018
අධ්‍යාපනය අනිවාර්යය කිරිමේ ප්‍රචාරණයට මිලියන 113 ක් පාසල් දරුවන්ට වසර දහතුනක් අධ්‍යාපනය අනිවාර්යය කිරිමට රජය ගෙන ඇති තීරණය රටම දැන සිටියදී රුපියල් මිලියන 113 ක් වැයකර යළිත් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි. 07 August 2018
මධ්‍යම කාරක සභාව රැස්වී මැතිවරණය ගැන තීරණ ගනිවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (8) රැස්වූ විට ඉදිරි මැතිවරණ පැරණි ක්‍රමයට තැබිය යුතුද? නොඑසේ නම් අලූත් ක්‍රමයට තැබිය යුතු ද යන්න පිළිබඳ පක්ෂයේ මතය පිළිබඳ තීරණයකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 07 August 2018
හොරෙන් ප්‍රංශ දුපතට ගිය 21 දෙනා රිමාන්ඩ් ප්‍රංශයේ රී යුනියන් දූපතට බහුදින ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි යුද හමුදා හිටපු සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නියම කළාය. 07 August 2018
ගෝනහේනේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල කඩවත ගෝනහේන ප්‍රදේශයේ දී කාන්තාවකට මීට සුළු මොහොතකට පෙර වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. 07 August 2018
පාතාලයේ ‘පොඩිවිජේ’ අත්අඩංගුවට කොලොන්නාව ප්‍රදේශයේ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු වු පොඩි විජේ නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 07 August 2018
ස්වාභාවික විදුලි බලාගාරය ඉදිකරන්න හම්බන්තොට නගර සභාවෙන් කොන්දේසි 17 ක් හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන සමාගමක් මගින් ඉදිකිරීමට යෝජිත මෙගා වෝට් 440 ක් ස්වාභාවික විදුලි බලාගාරය (එල්.එන්.ජී බලාගාරය) ඉදිකිරීමට කොන්දේසී 17 ක් හම්බන්තොට මහ නගර සභාව මගින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා යවා ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය. 07 August 2018
යුද සමයේදී පළාගිය 27 ක් ආපසු එති පසුගිය යුද සමයේ දී එයට බියෙන් ඉන්දියාව වෙත පළා ගොස් , එරට රැදවුම් කදවුරු වල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද දහවල් ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි. 07 August 2018
දෙවිනුවර දේවාලයේ කපුවා රිමාන්ඩ් ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඩුරක් ගැට ගැසීම සදහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියෙකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 09 වනදා වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර ඇත. 07 August 2018
මතුගම පහරදීමකින් අයෙක් මරුට මතුගම කටුගහහේන ප්‍රදේශයේ වත්තක් අසල දී වෑන් රථයකින් මුහුණු බැදගෙන පැමිණි නාදුනන පිරිසක් සිදුකළ පහරදීමකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයන් තිදෙනාගෙන් අයකු මිය ගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මතුගම පොලිසිය කියයි. 07 August 2018
දුම්රිය ගැටුම සම්බන්ධයෙන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම් පොල්ගහවෙල හා රඹුක්කන අතර පිහිටි පනලීය දුම්රිය ස්ථානය අසලදී සිදුවු දුම්රිය ගැටුම සම්බන්ධව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වු අංක 164 දුම්රියේ රියදුරු රියදුරු සහයක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. 07 August 2018
උතුරු මැද ‘වකුගඩු ලෙඩුන්ගෙන්’ අඩකට රෝගය නෑ උතුරු මැද පළාතේ රෝහල්වලදී සිදුකළ පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ රෝගීන්ගෙන් සියයට පනහකට පමණ එම රෝගය වැළඳී නැති බව දෙවනුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 07 August 2018
තලවිල ආ බැතිමතුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ 22 ක් අත්අඩංගුවට තලවිල සාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යයට පැමිණ සිටි බැතිමතුන් වෙත මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් 22 දෙනකු දින තුනක කාලයක් ඇතුළත අත්අඩංගවට ගත් බව පුත්තලම දිසා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 07 August 2018
යාපනය හෙල්ලූ කල්ලිවල 22 ක් අත්අඩංගුවට යාපනය ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ පුද්ගල කපාදැමීම්, නිවාස වෙත පහරදීම්, පුද්ගලයින් වෙත තර්ජනය කිරීම් ආදි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු ගෙවුණු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි. 07 August 2018
රට ඉන්න ලක් ඉංජිනේරුවරුන්ට ජනපතිගෙන් ආරාධනාවක් ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතුවලට උදව්වීමට වසර දෙක තුනකට හෝ මෙරටට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ගතව සිටින ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ට අද (6) විවෘත ආරාධනාවක් කළේය. 06 August 2018
වෛද්‍යවරුන්ගෙ බද්ද අඩුකරන බව සෞඛ්‍ය ඇමැති කියයි වෛද්‍යවරුන්ගෙන් අයකරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩුකරකරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (6) පැවැසීය. 06 August 2018
වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නැතැයිද එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 06 August 2018
මෙන්ඩිස් තහනම ඉවත් කරන්න ඉහළ අධිකරණයෙන් ඉල්ලන්නලු පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා ඇති රුපියල් කෝටි 13ක් වටිනා බැංකු ගිණුම්වලට අදාළ තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීම් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම සමාගමේ නිතීඥවරුන් වෙත දැනුම් දුන්නාය. 06 August 2018
පොලිස් කාන්තාවගේ සාක්කිය අකුරැස්ස හිටපු සභාපති හබ නොකර පිළිගනී අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා යටතේ සේවය කළ යුවලකගේ බාලවයස්කාර දියණිය රවටාගෙන හෝටලයකට ගෙන ගොස් දුෂණයට ලක් කලැයි සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පොලිස් කොස්තාපල්වරියකගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟවීම නිසා නඩු විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළේය. 06 August 2018
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදෙන්න වැයවූ මුදල කෝටි 5000ක් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදීම වෙනුවෙන් මේ වසරේ ගතවූ කාලයේදී රුපියල් කෝටි 5000ක මුදලක් වැය කරන්නට සිදුවූ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 August 2018
විදේශ රැකියා ආයතන වලට විරුද්ධව මුල් මාස හත තුළදී නඩු 163ක් නීති විරෝධී ආකාරයට ශ්‍රමිකයින් පිටත් කර යැවීමට උත්සාහ කළ හා මුදල් වංචා කළ විදේශ රැකියා ආයතන හා පුද්ගලයින්ට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ මුල් මාස හත තුළදී නඩු 163 ක් පවරා ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 06 August 2018
චිත්‍රපට සංස්ථාවට එරෙහි වාරණය 30 දක්වා දිගටම චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණය මෙම මස 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය. 06 August 2018
දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 06 August 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026