අධීක්ෂණ මන්ත්‍රීවරු ඉල්ලූ පහසුකම් කැබිනට් යෝජනාවෙන් ප්‍රතික්ෂේප වෙයි
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පිළිබඳව සොය බැලීම සඳහා අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් , නිල වාහනයක් ඇතැළු පහසුකම් ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවක් අද (7) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.