(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
මැතිසබයේ ප්‍රචන්ඩකාරී සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කතානායකවරයාට අනිද්දා බාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය.
කමිටුවේ විමර්ශන කටයුතු මේ වනවිට අවසන්වී ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා පැවැසුවේය.
මේ වාර්තාව කතානායකවරයා විසින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාට බාරදෙනු ඇතැයි පැවැසූ කුමාරසිරි මහතා වාර්තාව නීතිපතිවරයාට බාරදීමට පෙර පාර්ලිමේන්තුවේ ඊට අදාළ යෝජනාවක් සම්මත කර ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ සිද්ධිය පිළිබඳ පොලිස් විර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.
පාර්ලිමේන්තුවේ මේ ප්‍රචන්ඩකාරී සිද්ධීන් ඇතිවුණේ ඉකුත් නොවැම්බර් මස 14,15,සහ 16 දිනවලදීයි. මේ සිද්ධීන් වලදී මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර පාර්ලිමේන්තු දේපළවලටද හානි සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් දීමට නම් පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදුවූ සිද්ධීන් සම්බන්ධව වගකිවයුතු සියලුදෙනාට දියයුතු වන්නේ දේපළවලට කරනලද හානිය රජයේ වියදමින් පියවා දැමීමයි. සිදුවූ සිද්ධීන් සම්බන්ධව වගකිව යුතු සියලුදෙනාගේ ප්‍රජා අයිතිය වසර කිහිපයකට අත්හිටුවීමෙන් සියලු දේශපාලකයින්ට සහ රටටත් ප්‍රබල පණිවිඩයක් දීමට හොඳ අවස්ථාවක් උදාවී තිබේ. එපමණක් නොව ප්‍රතිපත්තිගරුක, ප්රජාතන්ත්රවාදී දේශපාලකයින්ට පාර්ලිමේන්තුවේ උතතරීතර බව පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි.
සුදු-කළු, පාට-පක්ෂ හෝ ලොකු-පොඩි භේදයක් නැතිව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන අකාරය ඡන්දදායකයන් වන අප දෙඇස් විවර කර බලා සිටින වග උත්තරීතර පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමු. නමුත් අප අහල පහල යම් කිසි ආරවුලක් සිදුවී පොලීසිය එතනට පැමිණියහොත් වහා යුහුසුළු වන ඔවුන් නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන ආකාරයත් අපි දනිමු. නමුත් මන්ත්‍රී වරප්‍රසාද කියමින් කරනා නොහොබිනා හා මැරකම් ගැන නීතිය මහා ඉහලින් වර්ණනා කරන පාර්ලිමේන්තුවේ බඩගෝස්තරවාදී නරිටිකට නීතිය ක්‍රියාත්මක කරන්න මෙතරම් කාලයක් ගැනීම ගැන සාමාන්‍ය ජනතාව වන අප ඉතා පුදුමයෙන් හා සංවේගයෙන් සිටිනා වගත් දැන්වීමට කැමෙත්තෙමු. වත්මන් දේශපාලනය ජනතා සේවයක් නොවන අතර ඉතා ලාබදායි කළුකඩ ව්‍යාපාරයක්ම පමණක් බවද සදහන් කරන්න කැමති බවද දන්වා සිටිමු. ඕනෑම මාතෘකාවක් ගැන ඉතා සංවාදශීලී ලෙස කතා කිරීමට කැමති අපි දේශපාලනය ගැන සංවාද කිරීමට ඉතා අප්‍රිය බවද මතක් කර දීමට කැමතියි.
පක්ෂ දෙකේ ඩිල් ක්‍රමය විදියට මෙයත් ජනාධිපති කොමිෂන් වාර්තා වගේ ක්‍රියාත්මක නොවන වාර්තාවක් නොවේවා යන්න ජනතා පැතුමයි.