(අජන්ත කුමාර අගලකඩ)
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන්ද සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.
ඔවුන් දෙදෙනාට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් ඊයේ (09) සිදුවිය.
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයාව සිටි රෙජිනෝල්ඩ් කුරේ මහතාත් , සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරියව සිටි නිලුකා ඒකනායක මහත්මියත් ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාරධූරවලින් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇහැව්වට අමනාප වෙන්න එපා. අමතක වෙන නිසා අහන්නේ ඇස්වහක් කටවහක් නැහැ " ලෝකේ දිගම සාරි පොටේ හුටපටයට " සම්බන්ධ බබාලත් ළමයි නේද මේ? මේ දරුවට සුදුසුම රෙදි සංස්ථාවේ සභාපතිකම නොවේද?
මේ අය කවදාවත් විශ්රාම ගන්නේ නැද්ද?
සංස්ථා හා මංඩල වල සේවය කරන අයට උසස්වීමක් ලෙස සභාපති හා අධ්යක්ෂ තනතුරු දෙනවානම් එම ආයතන ඉතා ලාභ ලබන ආයතන කරගත හැකියි. මෙලෙස දේශපාලන හිතවත් කමට තනතුරු දුන්නම හැමදාම පාඩුයි. භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා. මෙම ක්රමය වහා නැවැත්විය යුතුයි
ජනාධිපතිතුමෝ මටත් ඔය ඉතුරු වෙලා තියන මොනවා හරි පට්ටමක් දෙන්නකෝ. හොරකම් කරන්නේ නැහැ.
ලංකාව ගැන පුදුම හිතෙනවා. මේ අයට ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් රටකට හරියයිද.?
මේ... අර දිගම සාරි කේස් එකේ, සරත් ඒකනායක සුදනා කරපු කෙනාද? ඉතින් කොහෙද රටට හරියන්නේ...?
මෙයින් අපට නැවත නැවත ගම්ය වෙන්නේ කුමක්ද? දේශපාලනය කුණු ගද ගසන අසුචි වලක් බවම නොවේද? ඕනෑම පුද්ගලයකුට යම් කිසි කාර්යක හෝ දෙකක නිපුණත්වය ඇති බව ඕනෙම පුද්ගලයෙක් දන්නා කාරණයක්. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මේ දේශපාලකයන් තමන් ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මන්ත්රී කෙනෙක් වුනොත් ඕනෙම විෂයක ඇමතිධූරයක්, නැතහොත් රජයට සම්බන්ධ ඕනෙම ආයතනයක ඉහළ පුටුවකට පැමිණෙන්නේ කුමන නිපුණත්වය මතද? රටේ මුල් පුරවැසියාට, දෙවන පුරවැසියාට හෝ වෙනත් දේශපාලන බලවතුන්ට ගොට්ට අල්ලා නොවේද? ඔවුන්ගේ තීන්දු තීරණ කොතරම් දුරට එම අංශයට, පරිසරයට, ජනතාවට හෝ රටට වසිදායකද? නැතහොත් එයින් ලැබෙන පලදායිතාව කුමක්ද? ඒහා බැදුණු ඔවුන්ගේ උපදේශකවරු හෝ පුද්ගලික ලේකම්වරු බොහෝ විට තම ඥාතින් හෝ ගෝල බාලයන් වන රටකට යන කල දසාව කුමක්ද? චන්දදායකයන් වන අපට ඇති බැරෑරුම් වගකීම වන්නේ මේ අසුචි වල පිරිසිදු ජල පහරකින් සෝදා වන්දනාමාන කල හැකි සැබෑ ජනතා නියෝජිතයන් පත් කිරීමයි. නමුත් එයටද ඇති බාධකයද වන්නේ "නොමිනේෂන්" යන යතුරයි.
එතුමා සුදුසුකම් බලලද පත්වීම් දීලාතියෙන්නේ. ආයතනවල ඉහළ පත්වීම් දෙනකොට උපාධි නැත්නම් දෙන්නේ නැහැ කියල කීව. එයා එනපොට හොඳ නැහැ . ඡන්දෙට හැම පැත්තෙන්ම වැටවල් ගහල ඡන්දෙ තියන්න යන්නේ. කපටි රජා.
මේ ලඟදි සංස්ථා හා මණ්ඩල වල සභාපතිවරු පත්කරන කොට සුදුසුකම් බලන්න වෙනම කොමිටියක් පත්කරා. ඒ අයද මේගොල්ලන්ගේ සුදුසුකම් බලන්නේ නැත්නම් ජනාධිපතිතුමා විතරද. දෙයියො දනී මන් නොදනී
මහජනයාත් බොරුවටනේ කෑගහන්නේ. රටම එක්කාසු වෙලා විරුද්ධව වැඩ කරන්න ඕන. ඡන්දයක් ආවම මේ මොකුත් නැහැ. ආයෙත් මේ දේම කරනවා. තමන් කැමති පක්ෂයට කඩේ යනවා. ක්රමය වෙනස් කරමු කියනවා තරුණ පරපුර..ශබ්දය විතරයි
නිලුකා දැව සංස්ථාවේ කේන්දර බලන්නද...?
දැව සංස්ථාවට හෙනහුරාගේ දසාව ලබලා. සියළුම දැව සංස්ථා සේවකයින්ගේ දැනගැනීම පිණිසයි. මා වැඩට එන පළමු දිනයේම ඔබ සියලුම දෙනා තමන්ගේ ජන්ම පත්රය හා බුලත් හුරුල්ලක් රැගෙන බෝඩ් රූම් එකට තනි පෙලට ගමන්කරන්න. ජන්ම පත්රය නොගෙනෙන අය සේවය අතහැර ගිය ය සේ සලකනු ඇත.
අපේ පරපුරේ අයට, සුදුසකම් කෙසේවෙතත් නැකැත් කරුවන්ට, වන්දිභට්ටයින්ට, කේවට්ටයින්ට තනතුරු තානමාන්න දීම රජකාලයේ පටන් පැවත එන ගෝත්රික චාරිත්රයකි. මරාටත් හිටියනේ මේවගේම හාන්න ගන්න මී රැලක්. අැයි හිටන්ට බැරි?