(නිමල කොඩිතුවක්කු)
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලබන 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට පැවිදිහඬ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
රට, ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ සිදු කල කාර්යභාරය පිළිබඳ සළකා බලා මෙම තීරණය ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
පැවදිහඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී අද (10) පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
රටට අහිතකර ප්‍රකාශ සිදුකළ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරනවා වෙනුවට ඇයට අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍යධුරය පිරිනමා ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඥාණසාර හිමියන් නිදහස් නොකරන්නේ නම් ඉදිරියේදි දැඩි පියවර ගන්නා බවද සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව යන වචනය සමග දැඩි ක්‍රියා මාර්ග යන වචනය එකට යා හැකිද?
මහබැංකු හොරාට ඇප ලැබුණා නම් ඇයි මේ හාමුදුරුවන්ට ඇප දෙන්නේ නැත්තේ?
රටට ජාතියට සේවයක් කළානම් එම පුද්ගලයා සිරගත කරන්න නීතියට තිබෙන පිස්සුව කුමක්ද? නිදහස් නොකළොත් දැඩි පියවර ගන්නවා කියා තර්ජනය කිරීම රටේ පවතින නීතියට එරෙහි වීමක් වගේම මෝඩ ප්‍රකාශයක්...
මෙයාව නිදහස් කරන්න. හැබැයි උපැවිදි කරලා. මොකද බුද්ධාගමට අපහාස විඳින්න දෙන්න බැහැ.
උන්නාන්සේ වැරැද්දක් කළා නම් ඒකට දඬුවම් විඳින්න ඕනෑ. ඔහොම නෙවෙයි අවුරුදු ගණනාවක් නීතියට සම්මතයට පිටින් කරපු වැඩ පැවිද්දෙකුට නෙවෙයි ගිභියකුටවත් ඔබින්නේ නෑ. නීතියට අනුව තව ටික කලක් හිටපුවාවේ...
කොසොල් රජතුමාගේ 11 වෙනි හීනය :- කොසොල් රජතුමා - ස්වාමිනි මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්... මම දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳගහන මෝරු කලයකට හුවමාරු කරනවා. ස්වාමිනි ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට බුදුරජාණන්වහන්සේ :- "රජතුමනි අනාගතයේදී මගේ ශාසනේ බොහෝ භික්ෂුන් වහන්සේලා ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ධර්මය මුදලට හා අනෙකුත් දේවලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම...