රවිරාජ් ඝානතන නඩුවේ ඇපෑල දෙසැම්බර් 04 විභාගයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු මන්ත්රීවරයාගේ භාර්යාව ගොනු කළ ප්රතිශෝධන පෙත්සම දෙසම්බර් මස 04 දින විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.