දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් රැස්වීමේදී උණුසුම් මත ගැටුමක්
දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්රිකාවක් හේතුවෙන් අද (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.