මංගලට බන්දුලගෙන් පෙත්සමක්
පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් වන පරිදි රජයේ මුදල් අවභාවිත කර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.