පළාත් ආණ්ඩුකාරවරු 5ක් දිවුරුම් දෙති පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 04 January 2019
බෙලිඅත්ත සිට මාතරට පළමු දුම්රිය ගමන ඉරිදා අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන 06 වැනිදා සිදු කෙරේ. 04 January 2019
පාසල් හතරක් 17 දා තෙක් වැසෙයි අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ - 2018 විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 4ක් ලබන අඟහරුවාදා (8) සිට මේ 17 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 January 2019
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් සඳුදා (7) පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 04 January 2019
පොලිස් ස්ථානාධිපතිවරු 72කට ස්ථාන මාරුවීම් වහා ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 72දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 January 2019
නව නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(04) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය. 04 January 2019
යාන් ඔයෙන් ඉඩම් අහිමිවුවෝ වාරිමාර්ග කාර්යාලය වටලති පහළ යාන් ඔයෙන් ඉඩම් අහිමිවුවෝ වාහල්කඩ සහ පුහුදිවුල පිහිටි වාරිමාර්ග කාර්යාලය ඇතුළට පැමිණ අද (4) උද්ඝෝෂණයේ නිරත වූහ. 04 January 2019
ලයිලා-සුරුක්කු දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීම තහනම් ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම තහනම් කිරීමට ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ. 04 January 2019
කොළඹ-වව්නියා බසයකට බෝතල් ප්‍රහාරයක් කොළඹ සිට වවුනියාව බලා ධාවනය වු ලංගම බසයකට අද ( 4 ) අලුයම එල්ල වු බෝතල් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 04 January 2019
පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වව්නියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 04 January 2019
ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරු අලුතින් පත් කිරීමට යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සතියක් ඇතුළත අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 03 January 2019
‘‘ප්‍රවීණයන්ගෙන් යුත් සෙනට් සභාවක් පිහිටවිය යුතුයි‘‘ ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා සෑම ක්ෂේත්රයකම ප්‍රවීණයන්ගෙන් යුත් සෙනට් සභාවක් පිහිටවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවැසීයැයි අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ පැවැසූහ. 03 January 2019
පන්සලේ ඝණ්ඨාරය හැඬ වූ අලියා හක්ක පටස් කෑ වන අලියාගේ දුක කියයි හක්කපටස් ආහාරයට ගැනීමෙන් රෝගීව සිටින වනඅලියෙකු කැටුව පැමිණි තවත් වන අලියෙකු විහාරස්ථානයක බෝධීන් වහන්සේ වටා පැදකුණු කර ඝණ්ඨාරය ද තෙවරක් නාද කර විහාරය භූමියේ පිහිටි දේවාලය දෙස නිසොල්මන්ව බලා සිට යළි කැලයට පිටත්ව ගිය දුර්ලභ සිද්ධියක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වේ. 03 January 2019
රෝහණ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි - ශ්‍රීලනිපයේ නව ලේකම් දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් අද (03) රාත්‍රියේ ඉල්ලා අස්විය. 03 January 2019
කැස්බෑ පැටව් දිවි සැරිය සොයා යති කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් විදේශීය සංචාරකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩැල්ල වෙරළ තීරයේදී අද (03) පැවැත්විණි. 03 January 2019
ශ්රීලනිපය සුරැකීමේ සංවිධානය ඉටුකරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට පිරිසක් සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 03 January 2019
කතානායක කිලිනොච්චියේ සංචාරයක කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ජලගැලීම් හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා අද (03) කිලිනොච්චියේ සංචාරයක නිරතවිය. 03 January 2019
ගොහාගොඩ කසළ ගැටළුව කඩිනමින් විසඳන්න’යි ජනපති නියෝග මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කසළ කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. 03 January 2019
රජරට සිසුහු කොටුවේ විරෝධතාවක රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් සිසුහු අද (03) උද්ඝෝෂණයක් කළහ. 03 January 2019
අල්ලස් ගත් ගිරාදුරුකෝට්ටේ කොස්තාපල්ට සිරදඬුවම් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ගිරාදුරුකෝට්ටේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (3) නියම කළේය. 03 January 2019
කෝටි 277 ක හොරොයින් ජාවාරම් කළ තිදෙනා යළි රිමාන්ඩ් රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ඡාවාරම් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 11 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (3) නියෝග කළාය. 03 January 2019
සිඟිති දියණිය පණ පිටින් වැළලූ මව අත්අඩංගුවට දින 28ක් වයසැති සිඟිති දියණියක් පණ පිටින් ගෙවත්තේ වළ දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ මව සැක පිට අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි. 03 January 2019
හෝර්ටන්තැන්න ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළැයි වෛද්‍යවරයෙක්ට දඩ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ඡායාරූප ගත් වෛදවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1500 ක දඩයක් සහ රුපියල් 2000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා නියෝග කළේය. 03 January 2019
එක්දින තරගයේ ජය නවසීලන්තයට ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරගයේදී නවසීලන්තය ලකුණු 45 ක ජයක් ලබාගත්තේය. 03 January 2019
අලුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවරයන්ට සහන මල්ලක් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමඟ සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 03 January 2019
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ නව සංවිධානය වටා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සහ ආණ්ඩුකාරවරයෙකු සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච් බුද්ධදාස මහතා කොළඹදි අද (3) පැවැසීය. 03 January 2019
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක නව සභාපතිවරුන් පත් කිරිම අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 03 January 2019
හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල පල්ලේගම නගරයේ සියලු ඉදි කිරීම් මේ වන විට නිම වෙමින් පවතී. 03 January 2019
'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත්' ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ නව සංවිධානය වටා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සහ ආණ්ඩුකාරවරයෙකු සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච් බුද්ධදාස මහතා කොළඹදි අද (03) පැවැසීය. 03 January 2019
අමාත්‍ය මණ්ඩල විෂය පථ ඇතුළත් ගැසට්ටුවේ සංශෝධනයක් නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. 03 January 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026