(බිඟුන් මේනක ගමගේ)
සමාජවාදය වෙනුවට ෂෝට් කට් ඔස්සේ දේශපාලන ජයග්‍රහණ සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තුවේ ආසන කීපයක් දිනාගැනීමට සටන් කරන තැනකට ජනතා විමුක්ති පෙරමුණ වැටී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ‘ලංකාදීප’ යට කීය.
ඔක්තෝම්බර් 26 සිදුවුණේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් වුවත් ජනතා විමුක්ති පෙරමුණ ඊට මැදිහත්වුණේ පොදු ජනතාවට වාසි සහගත වන අයුරින් නොවේ යැයි චෝදනා කළ හෙතෙම එහි පල නෙලාගත්තේ එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් යැයි ද කීය.
වම හා සමාජවාදය ගැන තවමත් විශ්වාසයෙන් කටයුතු කරන සැලකිය යුතු පිරිසක් ජ.වි.පෙ වටා සිටින නමුත් එය වමේ පක්ෂයක් හැටියට හඳුන්වනවාට ජ.වි.පෙ නායකයා පවා කැමැති නැතැයි ගුණරත්නම් මහතා පැවසීය.
සමාජයේ ඇති කඩාවැටීම් හමුවේ ජනතාව විශාල වශයෙන් ආගමික කටයුතුවලට යොමුවෙමින් පවතින්නේ යැයි ද සමාජයේ මතුව ඇති අර්බුදවලට පිළිතුර වමේ මතවාදයට ජන බලය ලබාදීම පමණකැයි ද ගුණරත්නම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ජ.වි.පෙ ෂෝට්කට්වලින් දිනන්න ගිහින් වැටුණා‘ - කුමාර් ගුණරත්නම්