IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ශ්‍රීලනිපය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණයට සම්බන්ධයක් නෑ’


 
 
(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  දෙකඩ කිරීමේ කුමන්ත‍්‍රණයකට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව උතුරු පළාත්  හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (4) පැවසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරිමට තමන් සෑම විටම කැපවෙන බවට සඳහන් කළ ඒ මහතා තමන් කිසිදු අවස්ථාවක පක්ෂය අත්හැර නොයන බවද සඳහන් කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්ථකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකට ප‍්‍රතිචාර දැක්විම සදහා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.


ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන්නේ නම්  තම සංවිධානය සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18  දෙනෙකු ආසන සංවිධායකවරයකු සහ ආණ්ඩුකාරවරයකු එක් වන බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් පැවැසූහ.


එයට ප‍්‍රතිචාර දැක්වූ උතුරු පළාත්  හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.


‘‘මාගේ පරිශ‍්‍රයේ  එම සාකච්චාව පැවැත්වීමට  මා ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට  නොවන බව මම පැහිදිලිව ප‍්‍රකාශ කරනවා.  ජනාධිපති  මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ ගැන කරන ලද  විමසීම් වලට මම කරුණු නොවලහා  හෙළි කළේ කුමන්ත‍්‍රණයක් නොතිබූ නිසයි.


මම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර යන්නේ නැහැ.  ඒ වගේම ඉදිරියේදී ගොඩනැගෙන්නා වූ මහා පුළුල් ජාතික සන්ධානයක් වෙනුවෙන් අඛණ්ඩව සහය දෙනවා’’ යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘ශ්‍රීලනිපය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණයට සම්බන්ධයක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site