(ඩයනා උදයංගනී)
හදිසියේ නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් උතුරේ ජනතාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
රටට නොගැළපෙන රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වූ පසු උතුරේ ජනතාව තුළ පක්‍ෂය කෙරෙහි වෛරයක් ඇතිකරවීම ඔවුන්ගේ උත්සාහය බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අර්බුද ඇති බව ඇතැමුන් පැවසුවත් එවැනි අර්බුදයක් නැතැයි ද හෙතෙම කීවේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද කියා සිටියේය.
‘‘නව ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනා නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කමිටුවක් මගින් සකස් කර මේ වන විටත් ලබා දී තිබෙනවා. වෛරයක් පිරිමැහීමට මෙන් ඇතැමුන් උත්සාහ කරන පරිදි රටට නිදහස ලැබුණු පෙබරවාරි 4 වැනිදාට ව්‍යවස්ථාවක් ගේන්න බැහැ.
එයට අවශ්‍ය පසුබිමවත් මෙතෙක් සැකසී නැහැ. එ.ජා.පය හා ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගන්නත් බැහැ. සුමන්දිරන් මහතා උත්සාහ කරන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනඒමට නොව එයට ඡන්දය නොදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැන උතුරේ ජනතාව තුළ වෛරයක් ඇතිකිරීමටයි.
මේ වන විට උතුරේ ජනතාවගේ ජනප‍්‍රියම නායකයා වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන ඇති විශ්වාසනීයත්වය ඒ අයුරින් බිඳ දමන්නට අසීරුයි. සමස්ත ජනතාවටම ගැළපෙන ව්‍යවස්ථාවකට සහයදීමට අපි සූදානම්. එසේ නොමැතිව රට බෙදන ව්‍යවස්ථාවකට අපි සහය දෙන්නේ නැහැ.‘‘
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ ලේකම් එරික් වීරවර්ධන මහතා මෙහිදී මෙසේ පැවසීය.
‘‘ව්‍යවස්ථා හැදුවා කියා රට හදන්න බැහැ. දැන් ව්‍යවස්ථාවක් ගැන කියමින් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න අමතක කරන්න හදනවා. එය කාලය හා මුදල් නාස්ති කිරීමක්. ඊට පෙර රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ලෝකේ රටවල් හදා තිබෙන්නේ ව්‍යවස්ථාවලින් නෙවෙයි. රටවල් හදලයි ගැළපෙන ව්‍යවස්ථා හදන්නේ. මේ වන විට 19 වැනි සංශෝධනය සම්මත කර තිබෙනවා.
අද ලංකාවේ පුහුණුවක් නැති එකම ආයතනය පාර්ලිමේන්තුවයි. මන්ත‍්‍රීවරුන්ට රටේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම ගැන පුහුණුවක් දෙන වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. මම පාර්ලිමේන්තුවට ගොස් මන්ත‍්‍රීවරයෙක්ගේ වගකීම් දැනගත්තේ විදෙස් පුහුණුවක් ලබලයි.
මේ රටේ බදු මුදලින් නඩත්තු වන මන්ත‍්‍රීවරුන් ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ඒ වගේම දැන් කළ යුත්තේ මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කරගැනීමයි. දකුණේ උතුරේ වෙනසක් නැතිව ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට ව්‍යවස්ථාවකින් හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව රටේ ප‍්‍රශ්න විසඳීමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සංවිධායක ලේකම් දේශප‍්‍රිය රත්නායක, මාධ්‍ය සම්බන්ධීකාරක ලකිඳු ගජසෙන්, ක‍්‍රීඩා අධ්‍යාපන අංශ භාර සජිත් මෙන්ඩිස් යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ව්‍යවස්ථාවක් ගෙනැවිත් උතුරේ ජනතාව - ශ්‍රීලනිපය අතර විශ්වාසය බිඳින්න හදනවා