(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට යුද්ධයේදී රසායන අවි හා පොකුරු බෝම්බ භාවිතා කළ බවට නගන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ලෙස ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
එවැනි ආයුධ යුද්ධයේදී භාවිතා කළ බව කියමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය අනුමත කළ නොහැකි බවද සඳහන් කළේය.
යුද හමුදාව රසායනික අවි භාවිතා කළ බවට කිසිම සාක්ෂියක් නැතැයි ද විජයවර්ධන මහතා කීවේය.
උතුරේ ගංවතුර අවස්ථාවේදීත් ජනතාවට පිහිටවූයේ රණවිරුවන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා එසේ තිබියදී ඇතැම් දේශපාලකයන් ජාතිවාදය ඇතිකිරීමට උත්සාහ කිරීම ගැන කණගාටු වන බව පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (9) පැවති රසායන අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යයේ හමුදාව කියලා තියෙනවා ලංකාවට පොකුරු බෝම්බ දාන්න තාක්ෂණය නැහැ කියලා. ඒ වගේම ලංකාවේ රසායනික අවි නිපදවන්න විද්‍යාගාර පහසුකම් නැහැ. එහෙනම් මේවා පිටරටින් ගේන්න ඕනේ. මේවා කිසිම රටක් ලංකාවට විකුණලත් නැහැ. අභූත චෝදනා.. බටහිර රටවල සරණාගත වීසා ගන්න ගහන කෙප්ප බොරු...