(අජන්ත කුමාර අගලකඩ)
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා(11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව අද(09) පාර්ලිමේන්තුවේදී රැස් වී ගත් තීරණයකට අනුව මෙම වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතීත්වය දරන ව්‍යවස්ථා මෙහෙයුමේ කමිටුව සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනෙකුගෙන් සමන්විත වේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කරන ලද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට උපදෙස් දීමට මෙම විශේෂඥ කමිටුව පත්කරනු ලැබීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල ස්ථාවරයන් සඳහන් කරමින් ඒ ඒ දේශපාලන පක්ෂ ලබා දී ඇති වාර්තා ද සැලකිල්ලට ගනිමින් මෙම විශේෂඥ කමිටු වාර්තාව සකස් කර ඇතැයි ද වාර්තා වේ.
මේ අතර එම දේශපාලන පක්ෂ විසින් සිය පක්ෂවල ස්ථාවරය සඳහන් කරමින් බාර දී ඇති වාර්තා ද අනිද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
විශේෂඥ කමිටු වාර්තාව ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වන අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් පාලනය කරන්න ව්‍යවස්ථාව හදන්නේ අට පාස් නැති පාසැල් නොගිය ටික දෙනෙක්. ඒ අයට තව විශේෂඥ කියලත් දාගෙන. මේ අය විතරද මේ රටේ ජීවත්ව ඉන්නේ. අනික මේ අයගෙන් රටක යහපතට ව්‍යවස්ථාවක් හැදෙයි කියලා හිතන්න පුළුවන්ද.
හැම දේකටම ඇඟිලි දාන විදේශ බලවේග මේකට නැති වෙන්නේ නැහැ. කොහෙන් ගියත් අන්තිම සැලසුම රටවල් 9ක් .මේ සිධාන්තය හරි කියලා ඔය සැලසුම් දිහා බැලුවොත් ගැට අහුවෙයි.
ඔය ව්‍යවස්ථාවට විරුද්දව රටේ උද්ගෝෂණ පටන්ගත යුතුය.