මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 18 November 2018
පක්ෂ නායක හමුව අවසන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් විය. 18 November 2018
ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ චීනය - එක්සත් ජනපද වෙළදාම මත ඇති වූ බෙදීම නිසා නායකයන්ගේ විධිමත් ප්‍රකාශයකින් තොරව පළමු වතාවට ආසියානු ආර්ථික සමුළුව අවසන් වී ඇත. 18 November 2018
ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටින ලාංකිකයින් 13 බේරා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි සංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 18 November 2018
‘ආණ්ඩුව ස්ථාවර නැති නිසා රටේ ව්‍යාපාර කඩා වැටිලා‘ වර්තමානයේ ස්ථාවර ආණ්ඩුවක් නොමැති වීම නිසා රටේ ව්‍යාපාර ගණනාවක් කඩා වැටී ඇති බවත් , කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැංවීමට ඉක්මනින් මැතිවරණයක් කැඳවන්නැයි කොළඹ ව්‍යාපාරික සංගමය අධිකරණය ,ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා අද (18) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 18 November 2018
පක්ෂ නායක රැස්වීමට මහින්ද සහ රනිලුත් එති ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුද සහභාගී වී සිටිති. 18 November 2018
යළි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිදැයි අහන්න ගීතා මැකෝ හමුවට ස්විස්ටර් ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිද යන්න පිළිබඳව විමසීම සඳහා හෙට (19) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාර සිංහ මහත්මිය පැවසුවාය. 18 November 2018
කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද (18) පැවසීය. 18 November 2018
ජනපතිට විරුද්ධව ජනතා දෝෂාභියෝගයක් ගෙනා යුතු බව සරසවි ඇදුරෝ කියති ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයාට විරුද්ධව මහජන දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ප්රජාතන්ත්රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුහ. 18 November 2018
සම්බෝධි මහා විහාරයේ කඨින පිංකමට අගමැතිත් යයි කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය . 18 November 2018
විදේශ බලවේග පරදවමු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසන් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ආරම්භ කළ මෙම රාජ්‍ය පාලන ක්‍රමය රට පැත්තෙන් බලන විට රටට හිතකර ඉතාම හොඳ දෙයක් යැයි යුතුකම පදනමේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද (18) පැවසීය. 18 November 2018
මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයින් 8 ක් මිය යනවා මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 08 දෙනෙකු පමණ මරණයට පත්වන බවත් 2017 වසරේදි පමණක් පුද්ගලයන් 3153 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 18 November 2018
‘ඇති වී ඇති තත්ත්වයෙන් ඉදිරියේදී මන්ත්‍රීවරයකු මැරෙන්න වුවත් පුළුවන්‘ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලයේදී මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්න වුවත් පුළුවන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 18 November 2018
පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ ගලඹගෑනියේදී පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් නිලඇඳුම්වල අංක තහඩු ආදිය නැතිව පැමිණියේ මන්ත්‍රීවැරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට යැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 18 November 2018
‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි තීරණය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තීරණය එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (18) පැවසීය. 18 November 2018
’පක්ෂ නායක සමුළුවට ජවිපෙ නෑ’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 18 November 2018
කුරුල්ලන් මෙරටට රැගෙන ආ ලාංකිකයෙක් රේගුවේදී අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීහු පවසති. 18 November 2018
කූඹියෝ’ ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා අතුරුදන් ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක වන දමිත චන්ද්‍රසිරි නැමැත්තා අතුරුදන් වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 18 November 2018
පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙක හමාර ඉක්මවයි පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව එහි තොරතුරු දැනගැනීමේ නිලධාරි දන්වා තිබේ. 18 November 2018
සර්ව පාක්ෂික සමුළුවට නොයන බව කතානායක කියයි අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 18 November 2018
ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් පහළොස් ලක්ෂ අසු දහස් නවසිය අසුවක් පමණ වටිනා ජංගම දුර කතන 14 ක් සහ ටැබ් පරිගණයක් සොරකම් කරන ලද සැකකරුවෙකු සොරකම් කරන ලද භාණ්ඩද සමග අත් අඩංගුවට ගැනිමට ගාල්ල පොලිසිය සමත්වි තිබේ. 18 November 2018
‘මැතිසබේ දී රාජ්‍ය දේපලට හානි කළාට නීති මඟට යා හැකියි’ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය දේපල විනාශ කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 18 November 2018
සයදරු පියකුගේ මළ සිරුරක් කාණුවක ගාල්ල මාපලගම ප්‍රධාන පාර අයිනේ කානුවක වැටී මියගොස් සිටි නාගොඩ වලකුඹුර පදිංචි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (18) උදෑසන සොයාගෙන තිබේ. 18 November 2018
ඡන්ද විමසීමක් සහිත මෝසමක් පාර්ලිමේන්තුවට ඡන්ද විමසීමක් සහිත මෝසමක් හෙට (19) සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳව සාකච්ඡා වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 18 November 2018
ආරච්චිකට්ටුවේ බෝක්කුවක් යට නාඳුනන මළ සිරුරක් හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව මානවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 18 November 2018
‘බහුතරය ඉන්නවානම් හෙට යෝජනාවක් ගේන්න‘ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ අඩුපාඩු තිබෙනවානම් තමන්ට බහුතරයක් ඇතැයි යෝජනාවක් හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස යෝජිත රාජපක්ෂ ව්‍යාජ ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 18 November 2018
කෝටි තුනක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලුණු පුද්ගලයකු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුතු හොරායින් රැගෙන සුඛෝපභෝගී ජීප් රියකින් ගමන් කරමින් සිටියදී කොටහේන පැරඩයිස් ක්‍රිඩාංගණය අසලදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දුෂණ මර්දන අංශය කියයි. 18 November 2018
ගණිකා නිවාස 15 ක් වටලා 49 ක් අත්අඩංගුවට ගම්පහ දිස්ත්‍රික්කය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 15 ක් වටලා 49 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 18 November 2018
ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ. 17 November 2018
මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්නැයි උපදෙස් දෙන බව ජනපති කීවා පාර්ලිමේන්තුවේදී විනීතව හැසිරෙන්නැයි තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන බව ජනපති සමඟ පැවැති රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 17 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026