(තුසිත කුමාර ද සිල්වා)
වැලිපැන්න ‘රාමියා පාර’ ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) ගුවන් යානා නාශක උණ්ඩ 5 ක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම ගුවන් යානා නාශක උණ්ඩ අඟල් අටක් දිග (5- 0) වර්ගයේ ඒවා බව පොලීසිය කියයි.
කිසියම් අයෙකු මේවා ගෙනැවිත් දමා ඇත්දැයි පරීක්ෂණ සිදුකරන අතර අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් පරීක්ෂාකොට ඩෙටනේටරය එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය කියයි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැලිපැන්න පොලිස් ස්ථානාධිපති විමලසිරි ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක, පොලිස් බුද්ධි අංශ සැරයන් සේනාරත්න (50214), බුද්ධි අංශ පොලිස් කොස්තාපල් උපාලි(55289)යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම එකපාරම අරාජික කරලා, දැවැන්ත ආක්‍රමණයකට පෙර සිටම සැරසීමයි දැන් ඔය දකින්නේ. මුළු රටෙන්ම සෑම අස්සක් මුල්ලකම මොවුන් පැතිරී ඇති නිසා රටේ ආරක්ෂාව පිලිබඳ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ.