පිහියක් පෙන්වා මරණ තර්ජනය කළැයි මන්ත්‍රී රංජන් එරෙහි පරීක්ෂණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතාට මරණීය තර්ජන එල්ල කැළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) කරුණු වාර්තා කළේය. 19 November 2018
පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණ මන්ත්‍රීවරුන්ට නීතීය ක්‍රියාත්මක විය යුතුයි පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක මහතා කොළඹදී පැවැසීය. 19 November 2018
ඥාණසාර හිමි නිදහස් කරන්නැයි ජනපතිට ලිපියක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් අධිකරණ කරුණු ඇතුලත් ලිපියක් බාර දීම සඳහා හිමිවරුන් පිරිසක් අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. 19 November 2018
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය දීම වැරදියි බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය අත්පත් කරගැනීමට ඉඩදීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 19 November 2018
‘කතානායකගේ ක්‍රියාකලාපය නිසා මැතිසබේ පවත්වාගෙන යා නොහැකියි’ කතානායකවරයා ක්‍රියාකරන ආකාරය අනුව තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය. 19 November 2018
‘බහුතරය ගැන ගැටලුවක් මට ආවා නම් වැද නමස්කාර කර ගෙදර යනවා’ තමාට බහුතරය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නම් ලබාදුන් අවස්ථාවට ස්තූතියි කියා වැද නමස්කාර කර ගෙදර යන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . 19 November 2018
රටේ පවතින ප්‍රශ්න ගැන පරීක්ෂණ කරන්නැයි ජනපති විද්‍යාඥයන්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ කාළගුණ හා දේශගූණ විපර්යාස සඳහා පිළිතුරු සෙවීමේ දී තාක්ෂණයේ සහ විද්‍යාවේ සහය ඇතිව සිදු කරන පර්යේෂණ තුළින් නව මාවත් හෙළි කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශීය විද්‍යාඥයින් හා පර්යේෂකයින් ගෙන් ඉල්ලීමක් කළේය. 19 November 2018
දේශපාලනඥයින් - විද්‍යාඥයින් අතර වෙනස පැහැදිලියි පුද්ගලෙයකු තූල තිබිය යුතු තැන්පත් බව, ඉවසීම, වැදගත් බව හා සදාචාරාත්මක බවින් බැහැර වී දේශපාලනය කරන්නන් දේශපාලඥයින් යැයි හඳුන්වන්නට නොහැකි යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 19 November 2018
දින තුනක් පරාද වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු බලයක් නැහැ ස්ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේදි පිට පිට දින තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව පරාජය කර ඇති බැවින් ව්‍යවස්තානුකූලව ඔවුන්ට කිසිලෙසකින්වත් ආණ්ඩු බලය හෙබවිය නොහැකි බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය. 19 November 2018
වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් දඹුල්ල ඉනාමළුව සුවිසල් වෙළඳසැලක ගංජා මිශ්‍ර මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී 19 දින පස්වරුවේ ව්‍යාපාරිකයා විසින් පොලිසියේ පස්දෙනෙකුට මිරිස් කුඩු ප්‍රරහාරයක් එල්ල කර පොලිසිය පැමිණි යතුරුපැදි දෙකකට අලාභහානි කොට පොලිස් නිලධාරීන්ට පහරදී මෝටර් රථයකින් පලාගිය බව දඹුල්ල පොලිසිය කියයි. 19 November 2018
ප්රජාතන්ත්රවාදය සුරැකීමේ සත්‍යග්‍රහය පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වූ සත්‍යග්‍රහය අද(19) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි. 19 November 2018
නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ජනමාධ්‍ය නිදහසට තර්ජනයක් ජනමාධ්‍යවේදීන්ට සිදු වූ හිංසන සම්බන්ධයෙන් යුක්තිය අපේක්ෂා කළ ජනමාධ්‍ය සමාජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම මගින් කම්පනයට පත්ව සිටින්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 November 2018
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කොටි කාලේ වළ දැමූ බිම්බෝම්බ බලන්න යති එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධාන විසින් වළ දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ. 19 November 2018
ඉන්දියාවේ ආගමික උත්සවයක පිපිරීමක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ආගමික උත්සවයකදී ඊෙය් (18 දා) පිපිරීමක් සිදුව ඇති අතර, පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති අතර 10 දෙනෙකු තුවාල ලබා ඇත. 19 November 2018
’කතානායකගේ හැසීරිම අගය කළ යුතුයි ’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම මැද කතානායක පක්ෂග්රාහී නොවී ප්රජාතන්ත්රවාදයට සහ ව්‍යවස්ථාවට ගරු කරමින් කාටත් ආදර්ශයක් වෙමින් කටයුතු කිරීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස ඒ ගැන අපි ආඩම්බර වන බව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ කොළඹදී අද (19) පැවසූහ. 19 November 2018
‘මැතිසබේ මිරිස් කුඩු පහරදීම ගැන නඩු මඟට යනවා’ පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අධිකරණ ක්‍රියාවලියක් දක්වා ගෙන යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(19) පැවැසීය. 19 November 2018
අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවක් අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) භාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. 19 November 2018
පාර්ලිමේන්තුව කැඳවන්න මහලේකම්ට බලයක් නැතැයි කියමින් අයිතිවාසිකම් පෙත්සමක් විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත් තීන්දුව නීතිවිරෝධී බවත් , එමගින් තමාගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 19 November 2018
විරෝධතා පා ගමනට ජල ප්‍රහාරයක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් සංවිධාන කිහිපයක් එකතු වී පැවැත්වු විරෝධතා පාගමනකට ගාලු පාර ජනාධිපති ලේකම් කාර්යාලය අසළදී ජල ප්‍රහාර එල්ලකරමින් විසුරුවාහැරීමට පොලීසිය කටයුතු කළේය. 19 November 2018
තේරීම් කාරක සභාවක් පත් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් අද ඉදිරිපත් කෙරිණි. 19 November 2018
පාර්ලිමේන්තුව 23 වැනිදා තෙක් කල් තැබේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය. 19 November 2018
හලාවත දැව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය හලාවත දැව ව්‍යාපාරිකයෝ අද ( 19 ) දහවල් හලාවත ප්‍රධාන වට රවුමට රැස්වී විරෝධතාවක නිරතවුහ. 19 November 2018
බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක් බෝපේ ප්‍රාදේශීය සභා රැස්වීම අද (19) ආරම්භවීමට පෙර තමන්ට බහුතරය ඇතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා සභාපති පුටුවේ වාඩිවීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 19 November 2018
පුතා මවත් පියාත් ඝාතනය කරයි අක්මීමන හිනිදුම්ගොඩ ප්‍රදේශයේදී පුතෙකු විසින් තම මව සහ පියා ඝාතනය කර ඇතැයි අක්මීමන පොලිසිය පවසයි. 19 November 2018
පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි පාර්ලිමේන්තු ගැලරිය අද (19) මහජනතාව සඳහා විවෘත නොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 19 November 2018
දක්ෂ පොලිස් පරීක්ෂකවරයා මාරු කිරීම ගැන කණගාටුයි අපාරධ ගණනාවක් අනාවරණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහස් පොලිසියෙන් ස්ථාන මාරු කිරීම වැරදි බවත් එසේ කර ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 18 November 2018
දිවුරුම් ප්‍රකාශ 113ක් සමඟ ජනපති හමුවෙන්න එජාපය සූදානම් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්ව කණ්ඩායමට 113කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බව පෙන්වීමට හෙට (12) දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය. 18 November 2018
සර්ව පාක්ෂික හමුව විසඳුමකින් තොරව අවසන් රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බව වාර්තාවේ. 18 November 2018
ආණ්ඩුවට සහය පළ කරන්න යළිත් ජනතාව කොළඹට එනවා ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා ලබන මස මුලදී ජනතාව යළිත් වරක් කොළඹට කැඳවීමට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. 18 November 2018
‘විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න නමින් හෝ විද්‍යුත් ඡන්ද ගණනයක් හෝ ඕනෑ‘‘ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම් මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිත කරමින් ඡන්ද ගණනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී පැවසීය. 18 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026