(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හාජා මොහිදින් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා තියුණු ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ අද (29) අත් අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
එම පුද්ගලයන් දෙදෙනා සමඟ කඩු තුනක්,මන්න පිහියක්,යුද හමුදා සටන් ඇතුළත් සංයුත්ත තැටි,ජංගම දුරකතන දෙකක් සහ පරිඝනක කොටස් කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා තව්හිත් ජමාත් සංවිධානයේ සමාජිකයන් බව සිදුකළ මූලික පරීක්ෂන වලදී හෙළි වී යැයි පොලිසිය කියයි.
වැලිකඩ පොලිසියේ නිලධාරීන් යුද හමුදා නිලධාරීන් සමඟ වැලිකඩ පොලිස් වසමේ නාවල පාර පල්ලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික සොහොයුරාගේ නිවසේ තිබී මෙම භාණ්ඩ සොයා ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ දැන් ඉන්න පක්ෂ, විපක්ෂ කිසිම දේශපාලකයෙක් මේ රට පාලනය කරන්න සුදුසු තත්වෙක නැති බවක්. රට ජාතිය ආරක්ෂා කරන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ට වගේ.
කරුණාකර බත්තරමුල්ල ප්‍රදේශයත් පරික්ෂා කරන්න. පිදුරු ගොඩේ හංගපු ඉදිකටුව වගේ හැංගෙන්න පුළුවන් තැන් මේ ප්‍රදේශයේ එමටයි.
හැට දෙලක්ෂයක් ජනතාවට මගේ ප්‍රණාමය.
මේ කලබල අස්සේ කුඩුකාරයෝ අමතක වේවි. ඒ ගැනත් සෝදිසියෙන් ඉන්න.
දැන් හොදටම පැහැදිලියිනේ ආණ්ඩුවේ දායකත්වය. තව ඉන්නවා අනිවාර්යෙන්ම. මේ රට විනාස කිරීමේ පාපකර්මෙ ගෙවන්න වෙනවාමයි මේ පාලකයෝ කියන අයට.
බළලා මල්ලෙන් එළියට පනින්නේ ඔය..