(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිකුත් කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
පාස්කු ඉරිදා (21) කතෝලික දේවස්ථානවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වෙඩි නොවදින රථය ලබාදීමට කටයුතු කළ බව අරලිය ගහමන්දිරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු වන තුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ රියදුරකු ද සමඟ වෙඩි නොවදින මෝටර් රිය කාදිනල්තුමන්ට ලබා දීමට තීරණය කර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත වැඩක් කරාමද කොහෙද
තම ජනතාව බයින් සිටියදී එතුමා මෙය බාරගන්න එක්ක නැහැ .
ඉතාම කාලෝචිත අදහසක්.... රටේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්......
ඒ වගේම මේ ත්රස්තයන්ගේ අරමුණ වෙන පැත්තකට යොමුවිය හැක. ඒ නිසා අනෙක් පූජනිය ස්ථාන හා පාසල් පොදු ස්ථාන එකී නොකී හැම රජයේ ස්ථානයක්ම ආරක්ෂා කළයුතුයි.
රනිල්ට නම් මේවා දෙකක්ම තිබිලනේ...
මැල්කම් කාර්දිනල් අගරදගුරුතුමන්ගේ.. මේ ඉවසීම.. සිත, කය, පාලනය කරගත් නිහතමානී ආදර්ශමත් හැසිරීම ... මුළු ක්‍රිස්තියානි ආගමටම ඉතාමත් විශාල ආඩම්බරයක්. මම බෞද්ධයෙක්.. ඔබතුමාට මගේ සහ අප සියලු දෙනාගේම හදවතින් පිරි ආදරය සහ ගෞරවය...
ඔය දේශපාලකයන්ට මොනවා වුණත් අපිට කමක් නැහැ. අපේ පියතුමා අප ආරක්ෂා කරගත යුතුයි.
දැන්නං මර නින්දෙන් නැගිටලා වගේ... කාර් නැතිවුණත් උන් වහන්සේ මේ රටේ මිනිස්සු විසින් ආරක්ෂා කරාවි.. පහුගිය කාලය පුරාම උන් වහන්සේ විමසිල්ලෙන් හිටියේ නායකයෝ මොනවද කරන්නේ කියලා...? මම හිතනවා දේශපාලකයන්ට තියෙන වෙඩි නොවදින රථ ගාය උන්වහන්සේට නැහැ කියලා. මේ රටේ මිනිස්සුන්ගේ හදවතට කතා කරපු උන්වහන්සේට... සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා...!!!
මම බෞද්ධයෙක් වුවද කාදිනල් තුමාට තියෙන්නේ මහා ගරුත්වයකි. බුදුන් වහන්සේ කියා තිබෙන්නේ පිදිය යුත්තන් පුදන්න කියයි. කාදිනල් තුමාව අප සැවොම පිදිය යුතු පිය නමකි. දැන් රනිල් බොරුවට ජනතාව රවටන්න මෙවැනි දේවල් කරත් කාදිනල් තුමාව රවටන්න කිසිම දේශපාලුවෙකුට බැරිය. එතුමා ඉතා අවංකව රට වැසියාට ආදරේ කරන කෙලින් කතා කරන ඉතා බුද්ධිමත් පිය නමකි. සමහර අපේ සිවුරු පොරවා ගත් දුස් සීලයන් මෙන් මුදලට, වාසියට මේ පිය නම වැඩ නොකරන බවට සියලු දෙන හොදින් දනී. ඔබ වහන්සේට නීරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි !
එහෙමනං අගමැතිට තේරිලා වගේ එයාට වෙඩි නොවදින වාහනයක් අවශ්‍ය නැති බව...
අනේ අගමැතිතුමනි... අපිට දෙනවා කිව්ව පුංචි කාර් ටිකවත් දෙන්නකෝ... අපිත් මේ රටේ පුරවැසියෝනේ...
ඉතුරු එකත් දීලා දාන්න කාට හරි.. ඕක තියා ගත්තා කියලා වැඩක් නැහැ. මන්ද ලංකාවේ මිනිස්සු නම් මී හරක් මස් කන්න එච්චර ආස නැහැනේ. ඒකයි.
එය ලබා දිය යුතුව තිබුණේ මෙයට බොහෝ කාලයකට පෙරාතුවය. එහෙත් මෙම අවස්ථාවේ එසේ කිරීම තුලින් මම අදහස් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස සිදුකල මහජන ආරක්ෂාව පැහැර හැරීමේ චෝදනාවට කාදිනල් තුමාගෙන් ලැබෙන විරෝධතාවය මගහරවා ගැනීමට තෑග්ගක් එතුමාට ලබා දි ඇති බවයි. මම හිතන්නේ අගරදගුරුතුමා පැහැදිලි පියවරක් ගනු ඇති.