(29 දා කොළඹ - රොයිටර්)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ.
”තවත් ප‍්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත.
”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ.
රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ.
”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.
කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටිති.
ආරක්‍ෂක අංශ වල සැකයට පාත‍්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි 8 සැබෑම වෙනස !!!!!!!!!!!
නායකයා රට යයිද?
ඔය තොරතුරු ප්‍රසිද්ධ කළාම ඒ අය වෙනත් නොසිතන විකල්ප වලට යන්න පුළුවන් නේද ?
ඔහොම තර්ජන තියෙද්දි ඇදිරිනීතිය ඉවත් කලේ ඇයි? තාම පාඩම ඉගෙනගෙන නෑ වගේ
අනුරාධ කියන විදියට ජනවාරි අට වෙනස නොවී තිබුනා නම් මෙම ඉස්ලාම් මුග්ධයින් බිහි වන්නේ නැහැ? ඒ කියන්නේ අනික් අතින් එය කිරීමේ සම්බන්ධයක් විපක්ෂයට ඇති බවක් ද?
වහාම ආණ්ඩුවේ සිටිනා මුස්ලිම් මැති-ඇමතීන් සියලුම දෙනා ගැන තීරණයක් ආරක්ෂක අංශ විසින් ගත යුතුව ඇත. වත්මන් යහපාලකයන් විසින් අන්තවාදී ඇමතීන් මෙන්ම අන්තවාදයද පෝෂණය වීමට සියලුම පරිසරය සකසා ඇති නිසා මේ ඇතිවී තිබෙන වත්මන් තත්වය පාලනය කල හැක්කේ හමුදාවටම පමණි. එහෙයින් සමස්ත රාජ්‍යයත් එහි ජනතාවත් මුළුමනින්ම විශ්වාසය තබා ඇත්තේ ආරක්ෂක අංශ සම්බන්ධව පමණි. දේශපාලන න්‍යායපත්‍ර සහ දේශපාලුවන් කිසිවෙකුත් ගැන කිසිදු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් දැන් අපට නැත. රට අරාජිකය.!
මොන භේද තිබුණත් ජාතියක් වශයෙන් එකට සිටිය යුතු තවත් මොහොතක්
සැබවින්ම ජනවාරි 8 සැබෑම වෙනස මෙයම වේ.
රට ජාතිය වනසන්න ආපු මේ පාපතරයින්ව රටෙන්ම අතුගාලා දැමිය යුතුයි
අමරබන්දු මයා, ඒ කියන්නේ එය කිරීමේ හැකියාවක් විපක්ෂයට ඇති බවක් නොව එවැනි ප්‍රහාරයක් වැළැක්වීමේ හැකියාවක් විපක්ෂයට ඇති බවයි. මන්ද එහි කොන්ද පණ ඇති මෙන්ම දූරදර්ශී නායකයකු සිටින නිසා ය
මහනුවර දිගන කුඹුක්කඳුර ප්‍රදේශ සෝදිසි කරන්න කියලා ඉල්ලනවා. පසුගිය වකවානුවල ජාතිවාදී අදහස් ඇති සහ සාමාන්‍ය ලෙස හිඳ හිටි හැටියේ මත වෙනස් වූ මුස්ලිම් වරු මෙම ප්‍රදේශ වල සිටින බවට ආරංචි වෙනවා
අමරබන්දු, මම හිතනවා ඔය අමරබන්දු රූපසිංහ නෙමේ කියල. මට වෙනස උනත් එකයි නැතත් එකයි. රටේ ජාතික ආරක්ෂාව නැතිකාලේ කොහොමද කියල රටම දන්නවා.
දේශපාලකයින්ට කඩේ යන එක දැන්වත් නවත්තපල්ලා. මහින්ද ලොක්ක කලින් දැනගෙන හිටිය නිසා තමයි ශිරන්ති වෙන පල්ලියකට ගියේ. මහින්ද කලින් දැනගෙන හිටිය කියලා මිනිහම පිළිගත්තා. වගකීමක් තියන පුද්ගලයෙක් විදිහට ඔහුට තිබ්බ මේ දේ පිළිබදව දැනුවත් කරන්න. ඒත් දේශපාලන වාසි ගන්න හිටියා නොදන්න ගාණට. මේ ආණ්ඩුවේ ඉන්න අම්බරුවන් දෙන්නා ගැන කතාකරල වැඩක් නෑ. දේශපාලකයන් ඔක්කොම එකයි...
කිසිම මිනිහෙක් ජනවාරි 8 රටේ ආරක්ෂාව අඩු කරන්න කියලා කිව්වේ නෑ. නමුත් ආණ්ඩුවේ ඇතැම් අය තමන්ගේ එකම අරමුණ කරගත්තේ ආරක්ෂාව දුර්වල කිරීම... එහි අරමුණ වුනේ ඩයස්පෝරාවට වෙනම රාජ්‍යයක් සඳහා ජාත්‍යන්තර නීති තර්කයක් නිපදවීම. නමුත් ඒ ඇරුණු දොරෙන් ඉස්ලාමීය අන්තවාදය රට තුළට රින්ගාගත්තා. මිත්‍ර ආණ්ඩුවක් විදිහට මේ රජයේ ඉන්නා චරිත ගැන ඇමරිකාව ඇතුලු බටහිර රටවල් තවදුරටත් විශ්වාසය තබාවිද? චීන බලපෑම් මැඩලීමට මේ ආණ්ඩුවට පුලුවන්ද? හාන්සි වුණු ආර්ථිකය වෙන මොන ප්‍රශ්නවලට දොර අරීද? මේ පුද්ගලික නිදහසේ සහ මානව අයිතීන්ගේ අවසානයද?
සංහිඳියාව සහාජිවනය කියපු මැතිඇමතිලා කො දැන් ... රටම මරබියෙන් . මෙි සාහසික ම්නිමැරිමි වලට කවුද වගකියන්නේ . ආසියාවේ වැඩිම ආදායම් බද්ධ ගෙවන රට ලංකාව .කවුද වගකියන්නේ මෙිවට..
අමරබන්දු, ජනවාරි 8 වෙනස උනේ නැත්නම් අදටත් රජයේ බුද්ධි අංශ ක්‍රියාත්මකයි. ආවත් හරි සේරම හිරේ දැම්ම. තමුන් ඉදගෙන ඉන්න තැනින් නැගිටලා කල්පනා කරලා බලනවා මොලේ තැලිලා ඇති. මෝඩකම තිබුණට එක ප්‍රදර්ශනය කරන්න එපා.
වැපුරූ හැටියටයි නෙලා ගන්නේ කියලා ඉස්සර හෙළයන් කියා තිබුනේ කට කහනවට නොවේ. ඕනෑ නම් තව ටික දවසකින් කටුනායක ගුවන් තොටුපොලේත් වී ගබඩාවක් කළ හැකියි.
වැපුරූ හැටියටයි නෙලා ගන්නේ කියලා ඉස්සර හෙළයන් කියා තිබුනේ කට කහනවට නොවේ. ඕනෑ නම් තව ටික දවසකින් කටුනායක ගුවන් තොටුපොලෙත් වී ගබඩාවක් කළ හැකියි.
මේ අයට කරන්න තිබුණේ මකුණට කරන දේ.. එකපාරටම සේරම ඉවරයි. නරක මකුණත්, හොඳමකුණත් දෙන්නම කරන්නේ එකම දේ. ලේ බොන එක විතරයි.
එකම රජයක්වත් වහබ්වාදය මර්දනය කරේ නැහැ. ජනවාරි 8ට කලින් උන්නු අය තමයි විල්පත්තුව දුන්නේ, ෂරියා විශ්ව විද්‍යාල පටන් ගත්තේ... ආරක්ෂාවත් ඊට පස්සේ බාල කළා... එ්ක හරි. මුස්ලිම් අද ඉන්න ඇමතිලා නැති ආණ්ඩුවක් 8ට කලින් තිබුණාද?
ඔය තොරතුරු බුද්ධි අංශ දැනගෙන ආරකෂක වැඩපිළිවෙලකට ගියාම හරි... මාේඩරැළ දැන් වැඩේ වනකරයි.
එකිනෙකාට චෝදනා කරගන්නේ නැතුව මේ මොහොතේ රට වැසියන් ලෙස කල යුතු දේ කරමු. සිදු වූ දේ සිදුවී අවසානය, නැවත එවන් දේ නොවීමට නම් සියලුම ජාතින් එකට එක් වී ක්‍රියා කල යුතුය.
සාමය අගයන මුස්ලිම් ප්‍රජාව සහ ලෙබ්බේවරුන් ආරක්ෂක අංශ වලට දෙන තොරතුරු නොකඩවා කරගෙන යන මෙන් එම ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි. සැබෑ සහජීවනය යනු ශ්‍රී ලංකා භුමියේ සිටින සියල්ලන් ආරක්ෂිතව සතුටින් සමාදානයෙන් සිටීමයි.
ජනවාරී 08 වෙනස ගැන කියන අයට කියන්නේ. ඊට කලින් හෝ පස්සේ කියලා වෙනසක් නෑ. 2010 ට කලින් කොටි ත්‍රස්තවාදයෙන් මිනිස්සු බැට කෑවා. පස්සේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මිනිස්සු බැට කෑවා. එහෙම නෑ කියනවා නම් නිදසුන් දෙන්නම්. දැන් අන්තවාදී ත්‍රස්තවාදයෙන් ජනතාව බැට කනවා. කොහෙද වෙනසක්? ජනවාරී 8 සිදු වූවේ වෙනසක් නොව ඔලුගෙඩි මාරුවකි. එය හෝ සිදු නොවුනානම් සමහරවිට එය කිරීමට පසු කාලයක අර ලිබියාවේ වගේ ලොකු විනාශකාරී දේවල් වෙන්න තිබුණා. එහෙම දේවල් නොවෙන්න තමයි කාලෙන් කාලෙට මැතිවරණ තියලා පාලනය වෙනස් කරන්නේ, මොකද මිනිස්සු හැමදාම එකම දේට කැමති නෑ. කතිරය කියන්නේ ජනතාවගේ අතට තුවක්කුව වෙනුවට දුන් දෙයක්...
පසුගිය ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ගේ මූලික අරමුණක් වන්නේ අනිකුත් ජනතාව මුස්ලිම් ජනතාව දෙස සැකෙන්, වෛරයෙන් බැලීම... ඔවුන්ට එරෙහි නීති සම්මත කිරීම, පහර දීම වෙනම සැලකීම වැනි දෑ. මොකද ත්‍රස්තවාදයට තම අන්තවාදයේ පැවැත්මට අනුගාමිකයන් මෙන්ම අාත්මඝාතක බෝම්බකරුවන් වුවමනායි. ඔවුන් නිර්මාණය පහසු දෙයක් නොවේ. එ් සඳහා ඉලක්කගත ජනතාවගේ අපේක්ෂා භංගත්වයක් අැතිකොට, අනාගත බලාපොරොත්තු සහ සිහින බොඳකර මනස තුළ හීනමානයන් අැති කොට තම අන්තවාදී දර්ශනය ඔවුන්ගේ මනසට පොවනු ලබයි. එ් නිසා මෙවන් අවස්ථාවලදී පාලකයන් බුද්ධිමත් නම් අන්තවාදීන්ගේ අරමුණු ඉටුවීමට ඉඩ නොදී... එය අදේවවාදයක් කරා යන දීර්ඝකාලීන භෞතිකවාදී වැඩපිළිවෙලක් යුතුය. එය සැබවින්ම මානසික මෙහෙයුමක් විය යුතුය...
ධනුෂ්ක මහතා නිවැරදියි. ජනවාරි 08 වෙනස් වෙනුවෙන් මෙතරම් රුදාව ඇත්තේ ඉන් අයුතු ප්‍රතිලාභ ලැබූවන් සහ එවන් පාලනයක් ඉවසා සිටිය හැකි ගඳ සුවඳ නොහදුනන අයට පමණි.
කරුණාකර මුස්ලිම් පල්ලිවල පූජක පාර්ශවය අන්තවාදයේ ඇති භයානක ආනිශංශ පෙන්වාදී ඔබගේ දහම අදහන සියල්ලන්න්ට නිවැරදි මග පෙන්වා යහපත් සමාජයක් ගොඩනැගීමට යුහුසුළුව කටයුතු කරන්න, වෛරී ක්‍රියා නතර කර අන් අයට මෛත්‍රී , කරුණාවෙන් මෙන්ම උපේක්ෂා සහගතව බලා සැලකීමට උගන්වන්න, මෙය පාසල් යන ළමුන් කාලයේම සිටම ඉගැන්වීමට යුහුසුලුවන්න, නැතහොත් ඔබටත් මටත් අහිමි වන්නේ අප ඉතා අසීරුවෙන් ලබාගත් මිනිස් ජීවිත පමණක් නොව අප ඉපදුන රටත් ජාතියත්ය. අප සැවොම නිදහසක් කියා අත්වින්දානම් එය විදින්නට හැකිවූයේ අභීත රණවිරුවන්ගේ පිහිටෙනි, ඔවුන් ගෙන් 99.9% ශ්‍රී ලංකික සිංහල මව්පියන්ගේ දූදරුවන්ය, එහෙයින් මේ රටේ ජීවත්වීමට සුදුසු වාතාවරණයක් සාදා දුන් රණවිරුවන්ගේ නාමයෙන් තවත් යුදබිමක් කරා රට නොගෙනයාමේ වගකීම සියල්ලන් සතු බව අමතක නොකරන්න .
ජනවාරි 8 වෙනස පිලිබදව අවංකවම රුදාව ඇත්තේ මේ රටට ආදරේ මිනිස්සුන්ටය. මේ රටට වී ඇති විපත් සමූහය ඕනම හය හතර නොදත් දරුවෙකුට පවා වැටහේ.
මොනවද සෙනෙවි ඔය කියන තරම් ජනවාරි 8 වෙනසින් ඔබ ලබා ගත්තෙ? අපිට නම් මරණ බය විතරයි ඉතුරු වුනේ
ධනය හා බලය සඳහා දේශපාලනඥයන් තණ්හාවෙන් සිටින තාක් කල්, රටක තත්වය සුරක්ෂිත නොවනු ඇත. දැන් අපට අවශ්‍යා වන්නේ රටට ආදරය කරන නායකයින්ය. නමුත් ප්‍රශ්නය වන්නේ, එවැනි නායකයන් ලබා ගැනීමට තරම් අප වාසනාවන්තද යන්නය. තන්හාව දුක උපදවයි , තන්හාව බය උපදවයි. එම බුදු වදන සත්‍යයක් වී ඇති බව නොපෙනෙන්නේද?