(ආරියරත්න රණබාහු)
ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය හෙට (29) සිට තහනම් කෙරේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි අවස්ථා නියෝග යටතේ මෙම පියවර ගෙන තිබේ.
මෙහිදී යම් අයකුගේ අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාව බව ජනාධිපතිවරයා මෙම නියෝගය පැනවීමෙන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා ගෙන ඇති මෙම පියවර මගින් රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීමද මෙමගින් අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම කෑඩුවොත් දෙන්ට දඩුවමක් තියනවාද නීතියෙන්? හදිසි නීතිය ඉවත්කල පසුවත් මෙම තහනම වලංගුද? මෙම තහනම රට තුළ දිගටම ක්‍රියාත්මක වන්නේද?
නියම වැඩේ. ඕක පරක්කු වෙලා හරි කරපු එකට මුසල්මානුවෙකු වන මගේ උත්තමාචාරය.
හොද තීරණයක්.
වාහන වල වීදුරු අදුරු (කළු) කිරීමද තහනම් කළ යුතුය.
කෙලින් තීන්දු තීරණ ගන්න නායකයෙක් හිටපු එක වාසනාවක්
රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා දුර ගමන් කිරීමේදී මගරිය අනතුරු වලින් ආරක්ෂාව සඳහා ෆුල් ෆේස් මෝටර් සයිකල් හෙල්මට් පැළදීමත් මීට අදාලනම් ඒක මාර්ගයට පමණක් භාවිතයට අවසර දිය යුතුයි.. සමහරු කඩ වලට යන්නෙත් බයිසිකලයෙන් බැහැල හෙල්මට් දාගෙන ....
කැබිනට් මණ්ඩලයට තලතා මහත්මිය විසින් මුහුණු ආවරණ තහනම් කිරීමට පනතක් ඉදිරිපත් කළ විට ඒයට අගමැති සහ මංගල විරුද්ධ වූ බව පෙරේදා හෙලිදරව් කරන ලදී. ඉතා සුලු ප්‍රතිශතයක් වූ මුස්ලිම් චන්ද බලාපොරොත්තුවෙන් හැර, රටේ යහපතට ඒවැනි තීරණයක් ඔවුන් ගත්තා විය නොහැකිය. මුස්ලිම් නායකයින් ඇතුලු සියලුම ආගමික නායකයින් මුහුණු ආවරණ ඉවත් කළ යුතුයැයි පුන පුනා කියද්දී බලයට ඇති කෑදරකම හැර ඔවුන් ඒම පනතට විරුද්ධ වීමට කිසිම හේතුවක් දැකිය නොහැකිය. ප්‍රමාද වී හෝ ජනාධිපති වරයා නිවැරදි තීරණ ගනිමින් සිටින බව දැකීමට ලැබීම සතුටට කරුණකි. තම පක්ෂයට ලැබෙන ඡන්ද ගැන පමණක් සිතා රටවැසියන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන නායකයින් ගැන ඉදිරි මැතිවරණ වලදී නිසි තීරණ ගැනීමට ජනතාව වග බලා ගත යුතුය. අප 71ක් වසරක් මොවුන්ට රැවටුනා හොදටම ඇතිය.
හැමෝම රටේ එක නීතියකට යටත් විය යුතුයි. බහුතරය බෞද්ධයින් වුවත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතිය, එයට කිසිවකුගේත් බලපෑමක් නොමැත. මුස්ලිම් බැතිමතුන්ටත් එය එසේ විය යුතුය
ප්‍රසිද්ධ ස්ථානවලදී මුහුණු ආවරණය ජන ජිවිතයට හානිකර බව බොහෝ විට සිදු වෙලා තියනවා. සමහර විට කුඩා දරුවන් බියගන්වෙනවා දැකල තියනවා. නැතත් කළුවර රාත්‍රියට වැඩිහිටි ජනතාව උවද බියවිය හැකියි. ඉතාමත්ම වටිනා තීරණයක්. මෙය ස්ථිර නීතියක් බවට පත් කරමු.
වර්තමානයේ රට පත්ව ඇති තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමා ගනු ලැබූ මෙම තීරණය අපි අගේ කොට සලකන අතර මේ තීරණයට විරුද්ධ වූ ජාතික, බෞද්ධාගමික හැගීමක් නැති සුලු ජාතීන්ගේ ඡන්ද අපේක්ශාවෙන් රට බිල්ලට දෙන පටු දේශපාලකයින් පිලිබදව අපේ අප්රසාදයත් පලකර සිටිනවා. ඔබතුමා සියලු බාධක හමුවේ රට ගැන සිතා මේ ගනු ලබන ඍජු තීරණ ගැන අපි සතුටු වන අතර ඔබතුමාට සියලු ශක්තිය තෙරුවනේ ආශිර්වාදයත් ලැබේවා...!
ඒක හොඳයි. ඒත් මරාගෙන මැරෙන්න එන කෙනාට මුණ දැක්ක කියල ප්‍රශ්නයක් නැහැනේ. මොකද පිපුරුවට පස්සෙනේ දැනගන්නේ. එතකොට මුනෙන් වැඩක් නැහැ. ඒක හින්ද ලෝගුවත් තහනම් කරන්න ඕනේ.
මීට වසර 3-4 ට ඉහතදී මල්වාන පැත්තේ මුස්ලිම් කාන්තාවක් ඝාතනය කරලා රත්තරන් බඩු පැහැරගෙන ගිය මිනීමරුවා ඇවිත් තිබුනේ ඔය කියන බුර්කාවක් පොරවගෙන තමයි .
කල් ගිහිල්ලා හරි මේ ගත්ත තීන්දු රටක් වශයෙන් වැදගත් වෙනවා. නීති සම්මත කරගන්න ඕනේ දෙයක් සිදුවෙන්න කලින්. මේ නීතිය සම්මත කරන්න මිනිසුන් 350 මැරෙන්න ඕන වුනා
කාලයක් තිස්සේ බලාගෙන හිටපු නිර්භීත තීරණයක්.
අන්තිමේදී බුර්කාව එක්ක ෆුල් ෆේස් හෙල්මෙට් එකත් තහනම් කළා.
මේක තහනම් කරන්නේ හදිසි නීතියට මුවා වෙලා.. ඒ කියන්නේ හදිසි නීතිය අයින් කර දවසට මේ තහනම් ඉවරයි.
මේ තහනම ගෙනාවෙ හදිසි නීතිය යටතේ. හදිසි නිතිය ඉවත් වෙන විට නීතිය අහෝසි වේ. සිද්ධ වෙන්න ඕන හරි නං මේක රටේ පොදු නීතියට ගෙන ඒම. මේකත් තව පොලොවෙං මතුවෙච්ච අයගෙ රගපැමක්. මේක කීයටවත් පොදු නීතියට ගේන්නැ
ජනාධිපතිතුමනි , සියලු ජන කොට්ටාශයන්ගේ ආරක්ශාවට ගත් මෙම තීරණයට ඔබතුමාට ස්තුතීය.....
මම නම් බුර්කාව ඉවත්කරනවට විරුද්ධයි.
මේක තහනම් කලේ හදිසි නිතිය යටතේ පමණයි , ඒ කියන්නේ තව ටික දිනකින් හදිසි නිතිය ඉවත්කලම මේ තහනමත් ඉවතට ...කොන්දක් නැති කපටි නායකයෝ සහ විචාරයක් නැති ජනතාව
හමුදාපති තුමනි ඔබලාට දැන් බලය ලැබී ඇත. කරුණාකර මේ අන්තවාදය තුරන් කරන තුරු කිසිම දේශපාලකයෙකුට ඔවුනට හිතෙන හිතෙන විදියේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම් මුළුමනින්ම අත්හිටුවන්න. ඔබට ජාති ජාතිත් පින්. ඔය දේශපාලකයෝ ඔවුන්ගේ වගකීම පැහැර හැරලයි තිබෙන්නේ .
සිතන්නට යමක්... ගොඩක් දෙනෙක් 21 වනදා ප්‍රහාරය ජාතීන් අතර ප්‍රහාරයක් විදිහට දකිනවා. නමුත් මෙය ඉතා සංකීර්ණ දෙයක්. ඉදිරියට කුමක් සිදුවේවිද කියා කුඩා හෝ දෙයක් පාර්ලිමේන්තුවේ සිටින අය පමණි. අනෙකුත් ජනයා කුපිත වෙමින් අහිංසක මුස්ලිම් මිනිසුන්ට නිරපරාදේ ප්‍රහාර එල්ල කරමින් සිටි. සියල්ල තේරුම් ගන්නා විට සිංහල ජනයා ප්‍රමාදයි.