(පාලිත ආරියවංශ )
ලුණුගල, බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හා යුද හමුදා නිලඇදුම් රෙදි 3ක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය.
සැකකරුගේ නිවස සෝදිසියට ලක්කිරීමේදි මෙම රෙදිවලට අමතරව විදේශ ගමන් බලපත් 18 ක් සහ ජාතික හැදුනුම්පත් 7 ක්ද සොයාගෙන තිබේ.
සුලෙයිමන් සියාරක් අලි නැමති 41 හැවිරිදි මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් පවතී.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා ලුණුගල පොලිසිය විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ ප්‍රහාර "හමුදා නිල ඇඳුමෙන් සැරසුන පිරිසක් සහ සුදු ඇඳගත් කාන්තාවන් පිරිසක්" අතින් සිදුවීමට ඉඩ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ මොහොතේ අඬ දබර කර ගන්නේ නැතිව සියලුම දෙනා ඉතාමත් සීරුවෙන් සිටිය යුතු බවයි කියන්නට ඇත්තේ.