(කේ. බුද්ධික කුමාරසිරි )
‘මේ ප‍්‍රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50 කට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව වාර්තා වෙලා තියෙනවා. වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත් මාව හමුවන්න‘ යැයි බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හෝමාගම අධිකරණය ඉදිරිපිටදී අද (29) පැවසූහ.
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රය තුළදී සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීම චෝදනාවන් යටතේ විභාග වූ නඩුවකදී සන්ධයා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් කර තිබූ නියෝගයකට අනුව එම වන්දි මුදල ලබා දීම සදහා අද (29) දින නඩුව කැඳවා තිබුණි.
අදාළ වන්දි මුදල ගෙවීමෙන් පසු ගලගොඩඅත්තේ හිමියන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුරදී මෙලෙස උන් වහන්සේ මාධ්‍යට පළ කරන ලදී
මෙම අවස්තාවේදී බොදු බල සේනා සංවිධානය වෙනුවෙන් අදහස් පළ කළ එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් ‘‘රටේ ඇතිවෙලා තියෙන වාතාවරණයත් සමඟ මේ ආකාරයෙන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගලගොඩඅත්තේ නාහිමියන්ට ලබා දී තිබෙන ආරක්ෂාව මදි. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස බන්ධානාගාරයෙන් ඉල්ලා සිටිනවා’ යැයි පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් වෙනස් නොවිය යුතුයි. නැත්තම් "ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ" වැඩක් සිද්ධ වෙයි.
මිරිස් අවශ්‍ය නැත ඒ වෙනුවට බෝම්බ ලබා දී ඇත..
හාමුදුරුවන් වහන්සේ පැවසු හැමදෙයක්ම ඇස් පනාපිට ඔප්පු ව ඇත.
ඊට කලින් තියෙන නඩු කටයුතු, දඬුවම් එහෙම අවසන්කරලා නිදහස් නීතිගරුක සාමාන්‍ය රටවැසියෙක් වෙන්න. එතකොට රට වටේම ගිහින් වදාරන්න පුළුවන් නේ!
එකම කාසියේ පැති දෙකක්... කණ්ඩායම් දෙකක් හදලා අපේ රට කෑවා. මව්බිමට දෙවිපිහිටයි..
පන්සල් වලටත් පොලිස් අරක්ෂාව ලබාදිය යුතුයි.
ආපසු වඩිනු මැනවි සමිඳාණෙනි...
අපේ හාමුදුරුවනේ වෙසක් පොසොන් පැවැත් වීම නැවත්වුවොත් ඒ අය දිනුවා වෙනවා
අපි ත්රස්තය හඳුනනවානේ. එම නිසා ත්රස්තයාට කලින් නිදහස් වෙන්න ඕනේ මේ අදහස් දරන සිංහල නම් වලින් පෙනී ත්රස්තයින්ගෙන් ගෙන්. මොවුන් අති භයානකයි. මොවුන්ට සිංහලයා අතරට එන්න රැවුල් තොප්පි බුරුකා ගලවන්න ඕනේ නැත .