(ඩයනා උදයංගනී)
මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.
මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.
ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හරියට කියන්නේ අපි කරපු දේවල් වගේ
"ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය" - හොද යෝජනාවක්
අදද ඇහැ ඇරුනේ. මෙච්චර කල් හිටියේ කැබිනෙට් එකේනේ ?
ඔබතුමා යෝජනා කරන අධිකරණයේ පළමුව විභාග කළ යුත්තේ අන්ත වාදීන්ගේ ප්‍රහාරය දැන ගෙන කරුණු නොසළකා හැර හා සඟවා ගෙන සිටි දේශ පාලඥයන් ගැනය.
62 දැන් නුඹලාට සනීපෙට නින්ද යනවාද?
උලමෙක් කෑගැසුවොත් ඉතාම අයහපත් වෙනවා කියා අතීත ලක් වැසියන්ගේ විශ්වාසයක් තිබුණා. දැන් ළමුන් සංවිධානය වෙලා... මොනවා වෙයිද?