(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා පරිහරණය කරන ලද යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18ක තොරතුරු බුද්ධි අංශ මගින් මේ වනවිට හෙළිකර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම වාහන අතර වෑන් රථ 6ක්, යතුරුපැදි 9ක්, මෝටර් රථ 2ක් සහ කැබ් රථයක් ද වන බව පොලිසිය කියයි.
කොළඹ කින්ස්බරි හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් මුබාරක් මොහොමඩ් අසාම් නමැත්තාගේ නමට යතුරු පැදි 3ක්, වෑන් රථයක් සහ කැබ් රථයක් ලියාපදිංචි කර ඇතැයිද එම තොරතුරු වලින් හෙළි වූ බව එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.
අනෙකුත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඔවුන්ගේ නමට මෙන්ම භාර්යාවන්ගේ සහ සමීප ඥාතීන්ගේ නමටද වාහන ලියාපදිංචි කර පරිහරණය කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් 22 දින කොටහේන දේවස්ථානය අසළදී පුපුරුවා හරින ලද බෝම්බ සවිකළ වෑන් රථය කින්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් මුබාරක් මොහොමඩ් අසාම් නමැත්තාගේ නමට ලියාපදිංචි කරන ලද එකක් බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම වාහන 18න් 6කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයා කියපු විදියට ආරක්ෂක ලේකම් මේ ප්‍රහාරය ගැන මට කලින් කීවේ නැහැ කියන ප්‍රකාශය පිළිගත නොහැක . ඒක නිසා මේ පිලිබඳ කට උත්තරයක් ගත යුතුය .
ඒවායේ අංක සහ වර්ණ ආදිය මහජනතාවටත් දැනගන්න සලස්වන්න.