(රොමේෂ් මධුෂංඛ)
කිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහියක් තිබී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.
යුද හමුදාව විසින් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ ඇඳුම් තොගය නිවසක තිබී හමු වී ඇති අතර නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතන 7ක්ද තිබී හමු වී ඇත.
අදාළ නිල ඇඳුම් සහ ජංගම දුරකතන තොගය යුද හමුදා නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසිය වෙත භාර දී ඇති අතර එම භාණ්ඩ අද (29) දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුධ හමුදා නිළ ඇදුමට සමාන රෙදි සහ නිමි ඇදුම් විකිණීම ද වහාම තහනම් කළ යුතුයි. රටක ආරක්ෂක අංශයේ නිළ ඇදුම සාමාන්‍ය වැසියන් හමුවේ අගෞරවයට පාත්‍ර නොවිය යුතුය.
ඈපා - ඉතා හොද යෝජනාවක් .