අලි රොෂාන්ගේ නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 2 ක් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 27 දෙනකු ඝාතන සිද්ධිය හා වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩු විභාග කිරීම සදහා අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූදෙකක් අද (03) පත් කරන ලදී. 03 July 2019
රාහුල් ගාන්ධි කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න යයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර ඇත. 03 July 2019
සිරකරුවන් එල්ලා මැරිය නොහැකි බව පුවත්පත් කතෘගේ නීතීඥවරයා අධිකරණයට කියයි බන්ධනාගාර ආඥා පනතතේ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කිසිදු වගන්තියකින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට,වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කිසිදු බලය පැවරීමක් සිදුවී නැති බැවින්, එලෙස බලයක් පැවරීමක් නොමැතිව එම බලධාරීන්ට සිරකරුවන් එල්ලා මැරීම සිදු කළ නොහැකි යැයි නීතීඥ නිරාන් ඇන්කිටෙල් මහතා අද (03) අභියාචනාධිකරණය හමුවේ පැවසීය. 03 July 2019
කම්කරු කොංග්‍රසයේ සහාය ඉන්දීය සම්භවයක් ඇති අයට ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණවලදි ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ ඉල්ලිම් ලබා දිමට එකඟ වන ඕනැම ප්‍රධාන දේශාපන පක්ෂයකට හෝ සන්ධානයකට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ලංකා කම්කරු කොංග්‍රසය අද (03) කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය. 03 July 2019
සී.අයි.ඩීයේ වැඩ ගැන රතන හිමිගෙන් සොයාබැලීමක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයා පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමේ දී ඔවුන් බිය ගන්වා තොරතුරු ලබාදීම වළක්වා ඇතැයි සිද්ධිය පිළිබඳ සොයා බැලීමේ දී හෙළි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 03 July 2019
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ නව ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක කර තිබේ. 03 July 2019
හිස්බුල්ලා පැය 4 කට පසු පිටව යයි නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබා දී පැය 4 කට පසු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයෙන් පිටවී ගියේය. 03 July 2019
අග්‍රාමාත්‍ය කාර්යාලයට ලකුණු සීයෙන් 100 යි රජයේ මුදල් භාවිතයේ දී දක්වන ලද ප්රශස්තභාවය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රජයේ විශේෂ වැයකිරීම් ඒකකය යටතේ වන ආයතන 838 ක් අතරින් අග්‍රාමාත්‍ය කාර්යාලයට මුල් තැන හිමිව තිබේ. 03 July 2019
මන්ත්‍රී කණ්ඩායමක් ගෝඨාගේ සුව දුක් බලන්න සිංගප්පුරු යති ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේදී අද (3) එරට රෝහලක ප්‍රතිකාර ලබන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 July 2019
ජපන් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වංචා කළ පොල්පිතිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 03 July 2019
හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය. 03 July 2019
‘ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය වේගවත් කරලා’ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඉදිරි දින 90 කාලය ඇතුළතදී රාජ්‍ය ආයතන විකුණාදමා, ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය කිරීම වේගවත් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද (3) පැවැසීය. 03 July 2019
අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවක් අද (3) මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානයේ මහතා පැවසීය. 03 July 2019
දඹුලු විහාර බාරකාර නාහිමිගෙන් කප්පම් ඉල්ලූ තිදෙනා තවදුරටත් රිමාන්ඩ් ජමාත් සංවිධානයේ නියෝජිතයන් බව පවසා දඹුලු නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 කප්පම් මුදල් ඉල්ලූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි තරුණයන් තිදෙනා ලබන (17) දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය. 03 July 2019
‘බෝම්බ ප්‍රහාර හමුවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් කරන්න රජයට හැකිවුණා’ දේශපාලන කුමණ්ත්‍රණ සහ බෝම්බ ප්‍රහාර හමුවේ රුපියල ශක්තිමත් කරමින් දැවැන්ත ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය. 03 July 2019
හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (3) සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණියේය. 03 July 2019
ප්රජාතන්ත්රවාදය ඉගෙනගන්න එංගලන්තෙට යති ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනම සංවිධානය කරන අධ්‍යයන චාරිකාවක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත. 03 July 2019
ආරක්ෂක විෂය ගැන පාර්ලිමේන්තු අවධානය පහළට ආරක්ෂක විෂය සඳහා සමස්ත පාර්ලිමේන්තුවේ දායකත්වය 1.2% ක් තරම් පහළ අගයක් ගන්නා බව මන්ත්‍රී ඩොට්.එල්.කේ වෙබ් අඩවිය සඳහන් කරයි. 03 July 2019
රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ඉල්ලා අත්සන් ව්‍යාපාරයක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණි. 03 July 2019
හේමසිරිට-පූජිතට දැඩි ආරක්ෂාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබ සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ප්‍රතිකාර ලබන පොලිස් රෝහල් වාට්ටුවට සහ කොළඹ ජාතික රෝහලේ වාට්ටුවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පවසයි. 03 July 2019
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ඉල්ලා අස්වෙයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 July 2019
ක්ෂුද්‍ර මූල්‍ය ණය පොලි කපා නොහැරීමෙන් උතුරේ ජනතාව පීඩාවට උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය මුදල්හි පොලිය මුදල් අමාත්‍යංශය විසින් කපා හැරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබුණද තවමත් එම ආයතන සාමාන්‍ය ජනතාවගෙන් පොලී මුදල් අයකර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් එම ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. 03 July 2019
උතුරු හිටපු මහ ඇමැතිගෙන් ජනාධිපතිට චෝදනාවක් පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදා ගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපති පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය. 03 July 2019
මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ වැඩ නවතියි මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා මාස 10 ක කාලයක් ශ්‍රී ලංකා රජය චීනයේ කැතික් සමාගමට මුදල් නොගෙවීම හේතුවෙන් එම මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ ඉදි කිරීමේ කටයුතුවලින් අද (02) දින සිට ඉවත් වීමට තීරණය කළ බව කැතික් සමාගම පවසයි. 02 July 2019
සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළ වැවේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ. 02 July 2019
ඉදිරි මාසවලදී සංවර්ධන වේගය වැඩි කරන බව අගමැති කියයි ආණ්ඩුව ඉදිරියට යන ගමන කිසි විටෙක අඩාල නොකරන අතර ඉදිරි මාස කීපයේදී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යොදවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (02) පැවැසීය. 02 July 2019
එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එරෙහිව දඬුවම් නියම කළ දින, නඩු අංක සහ මරණීය දණ්ඩනය නියම කිරීමට අදාළව බන්ධනාගාර ආච්ඥා පනත යටතේ නිකුත් කර ඇති සියලුම රෙගුලාසි මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 02 July 2019
මරණ දඬුවම නියම වූ සිරකරුවන් 200 ක් වෙනත් වාට්ටුවකට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ ‘සී 3‘ සිරමැදිරිවල කරනු ලබන හදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි රඳවා සිටි මරණ දඬුවම නියමවූ සිරකරුවන් 200 කට අධික පිරිසක් බන්ධනාගාරයේ ‘එච්‘ වාට්ටුව වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 02 July 2019
තමන්ට ජීවිත තර්ජන පවතින බව ජනපති කියයි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා ඊට ලබාදෙන නායකත්වය හේතුවෙන් එය අඩාල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත්‍රණ තිබෙන බවත් ජීවිත තර්ජන පවා එල්ලවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 02 July 2019
වැඩිවන විශ්‍රාම වැටුප ජුලි 10 දා සිට විශ්‍රාම වැටුප් විෂමතාවය මෙම මාසයේ සිට ඉවත් කිරීමත් සමඟම වැඩිවන වැටුප් ජූලි 10 වැනි දා සිට ලබාදීමට නියමිත බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. 02 July 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026