(නාලක සංජීව දහනායක)
ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේදී අද (3) එරට රෝහලක ප්‍රතිකාර ලබන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රසන්න රණතුංග, තේනුක විදානගමගේ, ප්‍රියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ හා කෙහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස මේ සඳහා එක්ව ඇත.
මේ වනවිට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බවත් හැකි ඉක්මණින් ලංකාවට පැමිණ ජනතා බලාපොරොත්තු වෙනුවෙන් කැප වන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා මන්ත්‍රීවරුන් පිරිසට කියා ඇතැයිද වාර්තාවේ.
කිසිදු කරුණක් හේතුවෙන් පසුබැසීමට තමන් සූදානම් නැති බවත් ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොහොයුරන්ගේ ආශීර්වාදයෙන් අභියෝග ජයගනිමින් ඉදිරියට යෑමට තමන් සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම සිංගප්පූරු විදේශ ඇමතිවරයාද තමන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බවද ඔහු මන්ත්‍රීවරුන් පිරිසට පවසා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ සංවිධායක කටයුතු පිළිබඳව මන්ත්‍රීවරුන් පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර තිබෙන අතර ජනාධිපතිවරණ නාම යෝජනා බාරදීමෙන් පසුව ප්රචාරක වැඩසටහන් ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳවද මන්ත්‍රීවරුන් පිරිස හිටපු ආරක්ෂක ලේකම්වරයාට පැහැදිලි කර ඇතැයිද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් මේ මාසයේ නඩුව තිබෙනවා.
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ අපේ රටේ සෞඛ්‍ය ඇමතිට විතරයි අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන විශ්වාසයක් නැත්තේ කියලා? බලාගෙන ගියාම ලෝකෙන් උතුම් රටේ සිටින, ලෝකයෙන්ම ප්‍රමිතිගත වෛද්‍යවරු, මෙන්ම ප්‍රමිතිගත සෞඛ්‍ය සේවය ගැනත් දන්නෝ, දනිති, නේද? බද්රානි
නඩුවලට බයේ හැන්ගිලා ඉන්න මෙයාද ජනාධිපති වෙන්න හදන්නේ? මහින්ද හා බැසිල් සොහොයුරන් එක්ක එකතු වෙලා ගිය ගමන ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා තමා 2015 ඡන්දෙත් පැරදුනේ.
ඔක්කොම ආපහු එන්න බලන් ඉන්නේ ?
රටට හිතැති සියල්ලන්ටම සැනසුම් සුසුම් ගෙන දෙන සුබ පුවතක්...
එතකොට.. රටේ නායකත්වය ගන්නත් කලින්ම ලෙඩෙක් වෙලා නම්.. පරිපාලන කටයුතු වල පීඩනය මෙයාට දරා ගන්න පුළුවන් කියලද කියන්නේ? ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද? මේ රටේ රෝහල් තියෙද්දී විදේශික රෝහලක මුදල් වියදම් කරන්න දැන්ම පුළුවන් නම්... රටේ නායකයා වුනොත් කොහෙන් ඉවර කරයිද? භාණ්ඩාගාරෙත් හිස්වෙලා මහින්දගෙන්ම.. පොල් කට්ටක් අරන් හිගා කාපු එව්වා විතරයි එ්කෙත් තියෙන්නේ... මිනිසුනි.. දැන්වත් මොලෙන් කල්පනා කර බලන්න. අපි තවමත් කොහෙද යන්නේ?
මේ මන්ත්‍රීවරු සුවදුක් බලන්න සිංගප්පූරු ගියේ තමන්ගේ වියදමින්ද නැත්නම් ජනතාවගේ වියදමින්ද?
නිවන් සැප ලැබේවා ...!!!
1. ගිහින් ඉන්නවා කියලා නම සඳහන් මන්ත්‍රී කණ්ඩායමම ඇති මෙතුමා ජනාධිපති වූවාම පාලනය කොහොමද කියලා කලින්ම හිතාගන්න 2..මේ රට එයාලා මෙයාලා කවුරුත් එකතුව ගොඩනගලා තියන තැන ගැන තීරණයක් ගන්නන් පුළුවන් මෙයාලා කාටවත්ම අපෙ සෞඛ්‍ය සේවය ගැන ෂුවර් නෑ.. ඒකනේ සිංගප්පූරුවටම යන්නේ... අපිට නම් ඉතිං හැමදාම මෙයාලට ආවඩමින්.. බේත්ටික ගන්න ගමේ ඉස්පිරිතාලේ සහ පදිංචිව ඉන්න. විවේක ගන්න ..රස්සාව කරන්න. දරුවන් පාසැල් යවන්න හැමදේම කරන්න ඉතිං මේ ලංකාවම තමයි.. එ් නිසා දේශප්‍රේමයෙන් යුතුව මෙතුමා රකිමු.. බලයට ගේමු.. අපිගෙවමු. (ආණ්ඩුවේ විපක්ෂයේ හැමදෙනාම). මොනවා වුණත් එතුමාගේ අසනීපය ඉක්මණින් සුවවේවා..!!!
ඡන්දේ ඉල්ලන්න පුළුවන්ද කියලා බලන්න යන්න ඇත්තේ... ඒත් ඉතින් රටේ සෞඛ්‍ය ගැන දොස්තරලා ගැන විශ්වාසයක් නැති හෑල්ලුවට ලක් කරන මනුස්සයෙක් රටේ නායකයා කරගන්න පෙර දෙවරක් සිතන්න වෙනවා.
බලන්නකෝ ගිහින් තියන අයගේ නම් ලැයිස්තුව. උපකල්පනය කරන්න මේ අයගෙන් සැදුම්ලත් සුපිරි කැබිනෙට්ටුව රට දියුණු කරන හැටි
අපිනම් දන්නවා මොහුගේ ඇමරිකානු පුරවැසිකම අහෝසිවුනේ නැහැ කියලා. ඒක නිසා මොහුට කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරියෝ .
මේ ගොල්ලොත් එක්කද මැතිඳුනි, අපේ විනය හදන්න බලය ඉල්ලන්නේ. මේ අයව කෝටු මස් කරන්න වේවි අපිව හදන්න කලින්...
මෙයා ලෙඩෙක්ද?
මෙයා නඩුවලට බයේ හැංගිලා ඉන්න කෙනෙක්... මිනී මරුවෙක් හොරෙක්. මෙයාව රටේ නායකයා කරන්න කලින් කරුණාකරලා ටිකක් සිතා බලන ලෙස ජනතාවගෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි...
කෝ බමුණා? සිංගප්පුරු ගියාද?
අපේ පළමුවෙනි තෝරාගැනීම ජනතා විවස්ථාව එය ක්‍රියාත්මක කරන කෙනා තම අපේ පළමු තොර ගැනීම. දැනට නගනන්ද , දෙවන තෝරාගැනීම ගොටබය රාජපක්ෂ. මොකද ඔහු වැඩක් කළ හැකි සහ කල කෙනෙක්. නමුත් නීතිය ශක්තිමත් විය යුතුමයි .. ඒ නීති රාමුව තුල ඔහු වැඩ කලොත් රටේ අනාගතය හොදයි. අනෙක් කිසිම අපේක්ෂකයන් ගැන සිත බැලීමත් කාලය නාස්ති කිරීමක්.
මට. පුදුම මොකද ඇමරිකාවට ගියේ. නැත්තේ බෙහෙත් ගන්න , බයට නේද , තවත් නඩු දහයකට ඇමරිකාවෙන් අත් අඩංගුවට ගන්න. නිසාද . අන්න එදාට බලමු මේ කට්ටිය ගෝඨා බලන්න යයිද. කියල. කවුරු කොහොම කිව්වත් තමන් දන්නවා ජනාධිපති කමට තමන් සුදුසුද නැතිද කියල . නිතිය ක්‍රියාත්මක වෙන රටක් නම් ලංකාව අද ඔබ ඉන්න ඕන ලංකාවේ බන්නාධගාර රෝහලේ. අයියල ,මල්ලිලා ,හිත මිතුරන් සමග.
ඇමෙරිකාවේ පුරවැසිකම ප්‍රතිකාර ගන්නේ පිටරට රෝහල්වල. මේ ලංකාවේ මහපොළොවේ අඩියගහගෙන ඉන්න පුළුවන් නායකයකු තමා රටට නම් ගැලපෙන්නේ
ශා නියමයි... හොරු ටික සිංගප්පූරු සංචාරයක. හොරුත් සමග හෙළුවෙන්...
"එමෙන්ම සිංගප්පූරු විදේශ ඇමතිවරයාද තමන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බවද ඔහු මන්ත්‍රීවරුන් පිරිසට පවසා තිබේ..." මේ ඇමති ඇවිල්ලා තියෙන්නේ ලෙඩා බලන්න නොවෙයි .. මෙයා ඉස්පිරිතාලෙට පොල්ල තියලා පනිවිද බලන්නලු... ඒ වගේම අපේ රටේ වහල්ලුන් නිසා වැරදිලාවත් මෙයා රටේ ලොක්කා වුණොත්, සිංගප්පුරුවේ තියෙන අශුචි ලංකාවට ආනයනය කරන්න "හොර ගිවිසුමක්" අත්සන් කරන්න වෙන්න පුළුවනි. මොකද ඔය හොර ගිවිසුම් අත්සන් කරන්න දක්ෂයා... මේ දවස්වල අපේ රටේ සෑහෙන දේශපාලුවන් රැසක් ජනාධිපති සිහිනයෙන් පෙළෙනවා. කමක් නැහැ ඔහේ ඒ සිහිනයේම හිටපුවාවේ. එය සිහිනයක් බව වැටහුණු දවසක නතරවන්න වන්නේ පිස්සන් කොටුවේය...
විශ්‍රාමික ලේකම්වරයෙකුට හදවත් සැත්කමකින් පස්සේ මාස ගණන් සිංගප්පූරුවේ විවේක ගන්න කොහෙන්ද අප්පා සල්ලි? වැරදුණා.. දෙමාපියන්ට සොහොන් හැදුවෙත් අපේ සල්ලිවලින් නේ?
ගොන් තකතීරු කතා ටිකක්... මෝඩ හැත්ත.. පක්ෂ වලට කඩෙි යන ගොං රැල කෙලෙහි ගුණ දන්නේ නැති බූරු රැල රට විකුණන ගෙනකන්න.