(අංජුල මහික වීරරත්න)
ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනම සංවිධානය කරන අධ්‍යයන චාරිකාවක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත.
පක්ෂ,විපක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස මේ මස 05 වැනිදා දක්වා එරට රැදී සිටිනු ඇත. මෙම සංචාරය තුළදී ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳව එක්සත් රාජධානියේ අත්දැකීම් හුවමාරු කරගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ සවාරිය ලිඡ්ඡවි පාලනය පිළිබඳ හැදෑරීමට අගමැති ඇමති ඇතුලු විපක්ෂයේ පිරිස ඇමෙරිකාවට..
මේවට නම් පක්ෂ විපක්ෂ භේදයක් නෑ
ප්රජාතන්ත්රවාදය කෙසේ වෙතත් හොද ෆන් එකක් අරන් එයි.
අත්දැකීම් හුවමාරු කරගන්න ගිහිං හොඳට තියෙන ඒ රටත් විනාශ කරන්න එපා...
මෙදාපාර ප්රජාතන්ත්රවාදය කියලා ඊලම දෙන්නයි , අනිත් අන්තවාදීන් ට අරාබි ජනපද හදලා දෙන්නයි , මැතිවරණයක් නොපවත්වාම බලේ ඉන්නයි ඉගෙනගෙන එයිද දන්නෙ නෑ. එහෙමට අය දැන් ආණ්ඩුවේ ඉන්නෙ
අන්තිමට ඉගන ගත්ත බම්බුවක් නැහැ පට්ට සැපක් අරගෙන එයි. අපි නොදන්නා ලංකාවේ ඇමතිවරු.
හොද ප්රවනතාවක් ,ඒගොල්ලන්ට මෙහෙට ආරාධනා කලොත් රාජ්‍ය දේපොළ විකුණන හැටි,හොරකම් කරලා නීතියෙන් බේරිලා ඉන්න හැටි ඉගෙන ගන්න බොහොම හොද දෙයක් .
ගිහින් ඇවින් ඔබේ නායකයාට ප්රජාතන්ත්රවාදය ගැන උගන්නන්න. ඔබගේ පක්ෂය තුල ප්රජාතන්ත්රවාදය නොමැති නිසා තමයි 1994 සිට පරදින්නේත්, වර්තමාන නායකයාව අයින් කරන්නත් බැරි.
ඔය යන වියදමින් පාසල් යන ළමයින්ට ප්රජාතන්ත්රවාදය ඉගැන්නුවා නම් ඔය එක්කෙනෙකුට වත් ලබන පාර පාර්ලිමේන්තුවට යන්න වෙන එකක් නැහැ.
අනේ ඒ ගමන්වත් අපි ගැන බාලවි ?
අපේ සල්ලි වලින් නිවාඩුවක් අරගෙන එන්නකෝ...
අනේ මේ අහින්සක මහජන මුදලින් නේද මේ සවාරි ගහන්නේ. අහරේ මන්ද පෝෂණයෙන් ළමයි මැරෙනවා. නැවතවරක් මේ අයම බලයට ගේමු.
පුළුවන් නම් ගිහින් එංගලන්තෙ ක්‍රිස්තියානි රටක් නෙමේ කියන්නකෝ බලන්න. ලංකාවේ නම් බෞද්ධ රටක් නොවේ කිව්වම ගහන්න කව්රුවත් එන්නේ නැහැ.
එතකොට මෙච්චර කාලයක් දේශපාලනය කලේ දේශපාලය ගැන කිසිම දෙයක් නොදැනද ?
එංගලන්තය 55%ක් නිර්ගාමිකයි. යුරෝපයේ 61% නිර්ගාමිකයි. ඉතිං එංගලන්තය ක්‍රිස්තියානි රටක් නෙමෙයි..
ප්රජාතන්ත්රවාදය නමැති සුන්දර අටමගල්...// ඉගෙනගන්න ගියේ අපි සුද්දගේ රටට...// වටපිට බලන විට දුටුදේවල් නිසා හැමට ..// හිතුණා අනේ ඉපදුනේ කල් වැඩි බවනේ..//
ද සිල්වා මයා වෙත, ඔබ විසින් මේ අතිපණ්ඩිතයින්ගෙන් විමසා ඇති පැනය නම් මේ මහා පණ්ඩිතයන්ගේ දෙපැත්තම පූට්ටුවෙන විදිය පැනයකි. එබැවින් එවන් අසාධාරණ වැඩ නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
ප්රජාතන්ත්රවාදය ඉගෙන ගන්නද? උගන්වන්නද?
ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔය ඉගෙන ගෙන එන ඒවා මෙහෙ ක්‍රියාවට නගන්නේ නැති එකනේ ?