(බිඟුන් මේනක ගමගේ)
ආරක්ෂක විෂය සඳහා සමස්ත පාර්ලිමේන්තුවේ දායකත්වය 1.2% ක් තරම් පහළ අගයක් ගන්නා බව මන්ත්‍රී ඩොට්.එල්.කේ වෙබ් අඩවිය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 77 දෙනෙකු වාර 341 කදී ආරක්ෂක විෂය ගැන කතා කර ඇති බව එහි නවතම වාර්තාවක දැක්වේ.
පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය ගැන විමර්ශනය කරන එම වෙබ් අඩවියට අනුව ආරක්ෂක විෂය සම්බන්ධයෙන් වැඩිම දායකත්වය දැක් වූ මන්ත්‍රවරයා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි.
ඉන් අනතුරුව පිළිවෙලින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා හා ආරක්ෂක රාජ්‍ය ඇමැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන යන මහත්වරු එම ලැයිස්තුවේ වෙති.
ආරක්ෂක විෂය යටතේ අසා ඇති ලිඛිත ප්‍රශ්න ගණන 31 ක් බවත් පනත්, රෙගුලාසි හා නියම 06 ක් ඉදිරිපත් කර ඇති බවත් එහි දැක්වේ. විෂයට අදාළව කල්තැබීමේ යෝජනා 5 ක් කර ඇති අතර අගමැතිට එක් ප්‍රශ්නයක් යොමුකර ඇති බව ද මන්ත්‍රී ඩොට්.එල්.කේ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනුව කාටත් නොදැනීම තවත් ප්‍රහාරයක් එල්ල නොකලොත් තමා පුදුමේ!
ඒ වෙබ් අඩවියත් ජ. වි. පෙ. එකක්ද කොහෙද
නමුත් ඒගොල්ලන්ගේ පුද්ගලික ආරක්ෂාව? කථා නැත්තේ මහජන ආරක්ෂාව ගැනනේද? පෙර ගමන් වාහන, පසු ගමන් වාහන, දෙපැත්තෙන් වාහන. ඉතින් මොකටද මහජන ආරක්ෂාව? ඉල්ලන් පරිප්පු කන ශ්‍රී ලාංකිකයන්
සමහරු කෝටි ගනං ප්‍රශ්න අහනවට වඩා තවත් සමහරු අහන එක ප්‍රශ්නයක් වැදගත් වන අවස්ථා එමටයි. එනිසා මේ වෙබ් අඩවිය කරන විශ්ලේෂණය අර්ථ ශුන්‍ය නොවේද?
හොරු, මංකොල්ලකාරයෝ, කසිප්පු මුදලාලිලා නොදන්න විෂයන් ගැන කතා නොකරන බවට මෙය හොඳම සාක්ෂියකි.