( ජයන්ත සමරකෝ )
රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබ සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ප්‍රතිකාර ලබන පොලිස් රෝහල් වාට්ටුවට සහ කොළඹ ජාතික රෝහලේ වාට්ටුවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පවසයි.
ජේලර්වරුන් දෙදෙනකු යටතේ අවි සහිත නිලධාරීන් සිව්දෙනකු (02 ) සිට මෙම සැකකරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇතැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පවුලේ ඥාතීන්ට හා නීතීඥ මහත්වරුන්ට හැර වෙනත් කිසිවකුටත් මොවුන් දෙදෙනා හමුවීට අවසර ලබා දී නොමැත.
මොවුහු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙමින් රෝහල් දෙකෙහි නේවාසිකව ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපෑම් වලින් තොර නිදහස් අධිකරණ ක්‍රියාවක් අවශ්‍යය. චේතනාන්විතව තම අරමුණු උදෙසා තම වගකීම් පහර හැරී උදවිය හෙළි විය යුතුය .
මේවා මහා අපරාද?
මේ මහත්තුරු දෙදෙනා ගැන රටම දන්නවා ඉස්සාගේ ඔලුවේ තමයි අසුචි තියෙන්නේ කියලා... සත්‍ය කවදා හෝ ජයගනිවී ...!!!
උසස් නිලධාරින් දේපළ දංගෙඩියට ගැක්කුවාට දෙවියෝ දේව නීතියෙන් ළඟදීම දඬුවම් දේවි. නියම වැරදි කරුවන්ට එතෙක් අපි ඉවසමු.
මේ දෙදෙනාට කරන දඬුවම් ගැන මහ ජනතාව විමසිල්ලෙන්... නීතිපති හා විනිශ්චයකාරවරු ඇතුළු වගකිව යුත්තන්ගේ ක්‍රියාකලාපය ගැනත් මහජනතාව විමසිල්ලෙන්... මන්ද කවුරු හරිද කියා වටහාගන්න බැරි තත්වයකයි මහා ජනතාව මේ අවස්ථාවේ පසුවෙන්නේ... හැබැයි වංගෙඩිය මිනීමැරූ බව ඔප්පුකල නඩුත් තියෙනවා.
මේවා රටට හොඳ නෑ. ලෝකයා ඉදිරියේ රටම බාල්දු වෙනවා..